එළුවා නත්තරංපොත ගියා වාගේ

බුද්ධික සම්පත් එගොඩවත්ත ලංකාවේ සතියක නිවාඩුවකට ආපු බව ආරංචි උනා.. අකාලයා බුවාව හම්බ වෙන්න යන්න ඉස්සෙල්ල…මට තකහනියෙම කතා කරලා එලු story එකක් post කරන්න කියල ඉල්ලුව…ඒක මතක් කරල හොඳ කතා ටිකක් අහගන්න පුලුවන් වෙන හින්ද…කට්ටිය දන්නවනෙ..මගේ ඉතිං ඔය මඩ එක්ක සම්බන්දයක් නෑ කියල…විශෙෂ්යෙන් බැච් එකේ මගේ ලඟම අසල්වාසියා වගේම එකම නෑයා වෙච්චි එලුවට….එහෙම නැතුව මේක පරක්කු උනේ මගෙ සිංහල ටයිපින් slow නිසා එහෙම නෙමෙයි. ‘එලුවා වනාහී……….’ ලෙස පටං අරං කතාවක් නෙවෙයි, පොතක් උනත් ලියන්න පුලුවන් චරිතයක් බව ආයිත් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.

ඒත් පහුගිය ටිකේ මම හිටියෙ එලුවාගෙ ජීවිතාරක්ශාව පිලිබඳ සෑහෙන බයෙන්….මොකද මේ දවස්වල මංජු k.ගෙ පරම හතුරා වන එලුවාව අහුවුනොත් ‘හලාල්’ කරන්ඩ බලාගෙන තමයි මංජු හිටියෙ …..කොහොම හරි පොරගෙ ගරිල්ල ප්රහාරයකට අහු නොවී හතර හන්ඳි බේරගෙන නැවත vancouer බලා යහපත් උනා කියල ආරන්චි උනාම තමයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවෙ.574510_10150744650358741_1426210384_new
සිංහල, ඉංග්රීසි සහ ශුද්ධ සිංහල ත්රිභාෂා පරමේෂ්වර එලුවාගෙන් ‘විධග්ග’ වචන මාලාවක්ම ශබ්ධකෝශයඨ එක්කර ගන්නට විශේෂයෙන්ම අපේ බැචියන්ටත් සමහර බැචාලටත් පුලුවන් වෙච්ච බව තමයි, පේරා අපේ ඉතිහාස කතාවේ ලියවිලා තියෙන්නෙ. වාග් සංවරකම ‘අති විශිෂ්ඨයි’ කියලත් කට්ටියට මතක ඇතිනෙ. හැබැයි ඕකා කැම්පස් ආපු මුල් දවස්වල පට්ට තෙලා. ඌයි , රංගයි ඩබල ඩ්රෑමයි, මුල්ලුවයි දෙන්නටත් වැඩිය තෙල් මාමල ඒ දවස්වල. මම ‘Intensive course’ එක කට් කරල, කැම්පස් පටං අරන් මාස දෙකකට විතර පස්සෙ ගල් පැලෙන බොරුවකුත් හදාගෙන ඩීන්ව හම්බ වෙන්න ආපු දවස මට මතක් වෙනවා. මම crop building එකේ proff ජයතිලකගේ office එක ලඟ හොරගල් අහුල අහුල ඉන්නව දැකපු අකාලය නලලෙ අත ගහගෙන දුවගෙන ඇවිත් “තෝ බැච් එකටම අන්නන්නද යන්නෙ….මෙන්න මෙහෙ වරෙන්…..” කියල මාව ඇදගෙන ගියා crop එකේ toilet එකට. මතකනෙ අර කැමරා එක තිබ්බ ටොයිලට් එක. අර උපුලී ටෙලි ඩ්රාම එකක act කරන්නත් ඉස්සෙල්ල, කැමරාවක් ඉදිරියේ කුළුදුල්, ප්රථම රංගනය ඉදිරිපත් කරපු (ඇට කොලියගෙ censorship එකට අහුවෙලා තිරගත නොවෙච්ච) ටොයිලට් එක. අන්න ඕකට මාව ඇදන් ගිහින් ටීෂර්ට් එක යට කරල, කොන්ඩෙ මැද්දෙන් දෙකට බෙදල ‘දොන් සේතන්’ style එකට පීරල, මගෙ අතේ තිබ්බ තඹ වලල්ලත් ගලෝල එහෙම තමයි ඩීන් ගාවට යැව්වෙ. එලුවත් ඒකාලෙ ඔයිට දෙවනි නැහැ.
කොටුවෙ පිට්ටු බම්බුව හදන්න ඉස්සෙල්ල ලංකාවෙ උසම බිල්ඩිම එලුවගේ නිවස බව පට්ටිය හංදියෙන් එහා මෙහා ගිය බැච් එකේ හැමෝම දැකල තියෙනව මං හිතන්නෙ. ඒකෙ penthouse එකට නැග්ගම මුලු කොළඹම පේනව එලට. මුලු බැච් එකෙන්ම හොඳම view එක තියෙන ගේ උගේ කියල එලුව කියන එකේ ඇත්ත තේරුනේ හැබැයි උගේ කාමරේ study table එක ලඟ ජනෙලෙන් පහල බැලුවාමයි. ඒක කෙලින්ම focus වෙලා තියෙන්නේ පෑලියගොඩ කාන්තා පොදු නාන ලිඳට. කාමරේ කැලෑව වගේ උනාට පාඩම් මේසේ ලස්සනට පිලිවෙලට තියෙනව මල් වාස් එකක් , tisue පෙට්ටියක් වරදින්නෙ නැහැ. එලුවලාගෙ Grocery එකේ stock balance එක out යන එකම Item එක tisue පෙට්ටි කියල එලුවගේ අම්මා නිතරම මැසිවිලි නගනව මට ඇහිල තියෙනව ඒත් aunti එලුවා ගැන නම් හිටියෙ සෑහෙන භක්තියෙන්….ලොකු පුතා ෂුවර් එකටම first class එකක් ගහනව…ගෙදර ආවත් study table එක ලඟින් හෙලවෙන්නේ නෑ කියල තමයි හැම තිස්සෙම කිව්වේ.
First class කෙසේ වෙතත් තව පොඩ්ඩෙන් ඩිග්රියත් නැතිවෙනව final project එක ඇනගෙන. කට්ටියට මතකන ඕකගෙ project proposal presentation එක. Introduction කියල දැම්මම එන්නෙ conclusion slide එක, methodology explain කරද්දි එන්නේ objectives slide එක….මුලු හෝල් එකම හිනා වෙනව බඩවල් අල්ලගෙන, මූ නිකන් ගලේ පහරපු බළලා වගෙ තුශ්නිම්භූත වෙලා ඉන්නව..කොඩිතුවක්කු සර් දිහායි, slide එක දිහයි මාරුවෙන් මාරුවට බල බල…..කොඩ්ඩ උගෙ අර කැත …හැක්..හැක් හිනාවදානව…හෝල් එක දෙදරන්න…ජීවිකා මැඩම් පුටුවෙනුත් වැටුන හිනාව වැඩි වෙලා. presentation එකක් නෙවෙයි නිකන් විනෝද සමය වගේ…………..econ computer lab එකේදි ඔය slides shuffle කරපු සීන් එකට අජ්ජගෙයි තට්ටයගෙයි කිසීම සම්බන්ඳයක් නැති බව මට ‘ක්රිශාන්තා’ පල්ල දිවුරන්න පුලුවන්…..
ඉතිං ඔන්න ඔහොම final project එකට auspicious start එකක් ගත්ත අපේ බුද්ධික servay එක කරන්න යන්න සහායට ඩැනීල විදිහට මටයි, මංජුටයි එන්න පුලුවන්ද කියල ඇහුවා. බුවා දැනටමත් නාගෙන ඉන්න එකේ ගොඩ දා ගන්න සපොර්ට් එකක් දෙන්න ඔනෙ කියන පරම පවිත්ර සද් චේතනාවෙන් අපි දෙන්න වැඩේට සෙට් උනා (එහෙම නැතුව අපිට Old බෝතලේ ගානෙ දෙන්න පොරොන්ඳු වෙච්ච හින්ඳ කියල කට කැඩිච්ච කථා කියල අහුවෙනව නෙමෙයි එකෙක්වත්…..අඬු කඩනව). කොහොම හරි ඉතිං අපි තුන්දෙනා දවසක මංජුගේ ‘බඩු බස්නා යානයේ’ නැගල ගියා නත්තරම්පොත එලුවගෙ project එකේ field servay එකට. හස්ත කර්මාණ්ත කරුවන්ගේ (කොඩ්ඩත් මූට නියමෙට ගැලපෙන topic එක දීල තියෙන්නෙ) micro finance ගැන මොකක්ද සීන් එකක් තමයි project එක. හැබැයි මේ කියන හස්ත කර්මාණ්ත කරුවන්ගේ tissue එක්ක සම්බන්ඳයක් නෑ, පිත්තල, ලෝකඩ, රිදී රන් වගේ ඒවා තමයි ඒගොල්ලො පාවිච්චි කරන්නෙ.
කොහොමහරි අපි ගමට enter උනා කියමුකො….එලුවා file එකක් දිග ඇරගෙන පාරෙ යන එකෙක්ගෙන් අහනවා… “මේ..මේ..ටිකිරි ගුරුන්නන්සෙගෙ ගේ කොයි හරියෙද තියෙන්නේ”
“මහත්තයො තව හැතැම්මක් විතර යන්න ඕනේ….කාව හම්බ වෙන්නද එහේ යන්නෙ…”
“ගුරුන්නන්සෙ හම්බවෙන්න තමයි…” “ හපොයි එයා මලානේ දැන් මාස 6 කට විතර ඉස්සෙල්ල…..”
කාපු ගමන් පුදපි යකා කිව්වලු…..
“එහෙනං මේ…සේදිරිස් මහත්තයා ඉන්නෙ කොහෙද…” “ආ සේදිරිස් ආතගේ ගෙදර අර එහා වංගුවෙ දකුනු අත පැත්තෙ.”
යන්තං ඇති ඌ ඉන්නව කියල කට්ටිය අතින් කොන්ඩෙ එහෙම පීරගෙන පිලිවෙලකට එලුවව පෙරටුකොටගෙන ගියා සේදිරිස් ගොය්යගෙ ගෙදර. අවුරුදු 60ක විතර ඇන්ටි කෙනෙක් දැම්ම ඔලුව එලියට. එලුවත් බොහොම ගරසරුව ඇහුව.. “අක්කේ සෙදිරිස් මහත්තය ඉන්නවද කියල.”…
“ඔව් ඔව් තත්තා ඉන්නව ..මේ මහත්තුරු සමාජ සේවෙන්ද..” “නෑ අපි මේ කැම්පස් එකේ…… හස්තකර්මාන්ත ගැන සේදිරිස් මහත්තය එක්ක පොඩ්ඩක් කතා කරන්න කියල…” “තාත්තට කථා කරන්න බැහැනෙ මහත්තයො….ඔත්පල වෙලා ඇඳට වැටිලම දැන් අවුරුදු 10 විතර වෙනවනෙ..”
කාල වරෙන්කො කිව්වලු…….ගොලු බාසවෙන්වත් පොඩ්ඩක් කථාකරන්න බැරිවෙයිද කියල අහන්නත් හදල කොසු පාරක් කන්ඩ වෙයිද කියල බයට නිකං හිටිය. අනික project එක එලුවගෙනෙ මං මොකටද පැනල දීලා අහක යන කොසුපාරවල් කන්නෙ නැද්ද. මුගෙ ලිස්ට් එකේ අනිත් එවුනුත් ඔයවගේම තමයි…සමහරු මැරිල වලලපු තැන්වල ගසුත් පැලවෙලා, නැත්තම් හස්ත කර්මාන්ත තියා කෙලින් කර හිට ගන්නවත් බෑ…එකෙක් මහණ වෙලා……. බොරුවට එහෙට මෙහෙට ඇවිදල මංජුටයි මටයි ඇතිවෙලා… ඒ අස්සේ චුල්ලෙ, බුල්ල, ලාව ඇතුලු කට්ටිය orchid එකේ සෙට් වෙලා බලාගෙන ඉන්නව අපි Old බෝතල් 2ක අරන් එනකන්. මංජුගේ ෆෝන් එකට sms එවනව තප්පර තිහෙන් තිහට. අපේ රතු ඉර පනින්න ඔන්න මෙන්න තියල යන්තං ලිස්ට් එකේ එකෙක් සෙට් උනා තාම පිත්තල බඩු හදල විකුණන.
අපිත් පස්වනක් ප්රීතියෙන් පිනා ගිහිල්ලා පිත්තල ලොක්කවත් වට කරගෙන ඉස්තොප්පුවෙ පුටුවලට බර උනා. පොරගෙ මිනිපිරීද කොහෙද ඇහැට කනට පේන නංගියෙක් ඇවිල්ල ඉඟි බිඟි පාල රවුමක් කැරකිලා ගියා ඇතුලට…පිත්තල ලොක්කත් “කෙල්ලේ මේ මහත්තුරුන්ට තේ හදාගෙන වරෙන් කියල” ..දුන්නා පොඩි සප් එකක්.. ගතෙ සිතේ මහන්සිය කොහෙන් ගියාද කියල නැහැ….මංජුවා කණ්නාඩිය යටින් රබර් ඇහැ දානව ගේ ඇතුලට… කට්ටිය දන්නවනෙ අහිංසක මං නම් ඉතින් ගෑනු ලමයෙක් දිහා ඇහැක් ඇරල බලන්නෙ නැහැ කියල…
එලුවත් රැල් බුරුල් ඇරල එහෙම questionnaire එක අතට අරන් පිත්තල ලොක්කගෙන් ප්රශ්න අහන්න සෙට් උනා. full professional ලෙවෙල් එකෙන් දැම්ම පළමු ප්රශ්නය, …
“මහත්මයා කුඩා කර්මාන්ත ණයක් අරගෙන තියෙනවද?”
“අපෝ නැහැ මහත්තයො මම ජීවෙතේට ණයවෙලා නැහැ..අපි මේ කාටවත් අතනොපා ජීව්ත් වෙන මිනිස්සුනෙ මහත්තයො” ….බුවා බොහොම ආඩම්බරෙන් කිව්ව.
(විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්)
ලොක්ක එලුවා දිහාට කණ දික්කරන් බලන් ඉන්නව ඊලඟ ප්රශ්නෙ අහනකන්…මංජු බලන් ඉන්නව කෙල්ල තේ හදන් එනකන්….ඒත් එලුව ඇටිකෙහෙල් ගිලපු උගුඩුවා වගේ තක්බීර්වෙලා බලන් ඉන්නව.. “ඊලඟ ප්රශ්නෙ අහපං” …මම කනට කරල කිව්ව….මංජු අනිත් පැත්තෙන් අනිනව.. “අහපං බං ඊලඟ එක” …
“ඊලඟ එකක් නැහැනෙ බං” ….මූ කොඳුරනව….. හරියට බීල ගිහින් පොලීසියට අහුවෙච්ච එකෙක්ගෙ වගෙ මූන..…. “යකෝ ඔය පිටු තුනක questionnaire එකක් තියෙන්නෙ අහපිය ප්රශ්නයක්….” මංජු දත්මිටි කනව.
“ණයක් අරන් තියෙනවනම් විතරයි ඊලඟ ප්රශ්න අහන්න පුලුවන්..” ………………..මදැයි කොලා…බොහොම අමාඅරුවෙන් පණ තියෙන එකෙක් අල්ල ගත්තා… ඒ පාර කියනව අහන්න ප්රශ්න නෑලු….මොනා කරන්නද පිත්තල ලොක්කට තෑන්ක් යූ, බායි කියල ආව එන්න…. මංජුවාට මල් පොකුරු පොකුරු…..ඌ කෑගහනව එලුවට………
“නොදකින් ගල් ඉබ්බා කෙල්ල තේ හදන් එනකන් මූට ප්රශ්න ටිකක් අහන්න බැරි උනානෙ…ඒකි ඔච්චර වෙලා ගත්තෙ මගේ තේ එකට ඉනාවක් දාන්නද කොහෙද…අපරාදෙ” ………… “කොහෙන්ද තෝ ඔය කෙහෙම්මල් ලිස්ට් එක හොයා ගත්තෙ.. මෙහෙ දීපන් බලන්න”
“ගන්නෝරුවෙ කුඩා කර්මාන්ත දෙපාර්තුමේන්තුවෙ library එකේ තිබ්බ හිටපු අගමැතිණී සම්මාණ දීපු පොරවල් ලිස්ට් එකක..paper cutting එකක් මම ඉස්සුව….මේ තියෙන්නෙ ලිස්ට් එක..” ………..බුවා ආඩම්බරෙන් ඇදල ගත්තා දිය වෙච්ච පත්තර කෑල්ලක්…..… මරේ මරු.. ඔය තියෙන්නේ ෂෝක් එකට……හැත්තෑ ගනන් වල දවස පත්තර කෑල්ලක්…. මේ ගෙම්බා හිතන් ඉඳල තියෙන්නෙ සිරිමාවො අගමැති උනේ චන්ද්රිකාගෙ ආණ්ඩුවෙ විතරයි කියල……………
dhawasanew

Posted in Uncategorized | 1 Comment

“බිව්වම වෙනදේ”

චුල්ලෙගෙ ‘Blood Alcohol Level’ එක ඩ්‍රොප් වෙලා hospitalized කරල මේ දවස්වල. පොරට ඕක ඉස්සෙල්ලාම හැදුනේ අන්තිම ලාස්ට් ෆයිනල් සෙමෙස්ට එකේ, ප්‍රොජෙක්ට් එක කරන කාලේ. ඒ දවස්වල ඉතිං අපේ ‘Good Old’ ගැන්සියට වෙනදා වගේ වැඩිය සෙට් වෙන්න හම්බවුනේ නෑනෙ. ඒත් ඉතිං සති දෙහෙකට තුනකට සැරයක් වත් කොහොමහරි රොනට ඇදෙන බඹරු වගේ බෝතලයක් ලඟට ඇදෙන එක නිකං ඉවෙන් වගේ සිද්ධවුනා. දන්නවනේ කෂ්ටිය ….බෝතලයක් තියෙනව කිව්වොත් යාපනේට උනත් යනව. මේ කියන්නේ දැන් යාපනේ ගැන නෙමෙයි 2001 යාපනේ ගැන, මතකනේ කට්ටියට….. MI වල ඇඳ යට රතිඥ්ඥා කරලක් පත්තු උනාම ‘බුදු අම්මෝ’ කියාගෙන ඇඳෙන් පනින්න ගිහින් නලල තුවාල කර ගත්ත අපේ ‘මේජර්’ නිශාන්තත් අවුරුද්දක් හමාරක් වීරයා වගේ පුදුකුඩුඉරිප්පු හිටපු එකේ දැන් යාපනේ යන එක මහ කජ්ජක් නෙවෙයි කියල මං ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනෙ.

ඔය කට වහරට ඔහොම කිව්වට….ඇත්තටම යාපනේට ගෙන්න ගන්නනම් මුන්ට අඩු ගානේ වඩේ 4ක් එක්ක ‘old’ බෝතල් දෙකක්වත් දෙන්න වෙනවා ශුවර්…..එක බෝතලේකින් කරන්න පුලුවන්…’ලාවව’ රෑ 7ට කොළඹින් බස් එහෙකට නග්ගව ගෙන රෑ 11ට විතර බෝත්ලේ අන්තිම අඩිය හරිය වෙත්දි පේරාදෙනියට ගෙන්නගෙන ආයිත් පාන්දර 3ට විතර කොළඹ යවන එක විතරයි. ඒකාලෙ පොර ‘KIANGNAM’ කොරියන් කොම්පැනියේ (මූ පොලිස් චෙක් පොයින්ට් එකකදී….මහත්තයා වැඩ කරන්නේ කොහෙද? කියල ඇහුවම ‘කියන්නෑ’ කියල අම්බානක ගුටි කෑවේද ඔය කාලයේය)  කටුණායක – කොළඹ ‘HI-WAY project’ එකේ වැඩ. එහෙමයි කියල ‘good old’ ෆිට් එකවත් බෝතලේවත් අතාරින්න පුලුවන්ද….ඉතිං සයිට් එකේ වැඩ ඉවර වෙච්ච ගමං පැය 4ක් දාඩිය පෙරාගෙන බස් එහෙක එල්ලිලා පේරා ඇවිත්..අඩියෙ ඉතුරු අංතිම ශොට් එක ඇදල දාල,..කට්ටිය බිම වැටෙන කඩල ඇට, සොසේජස් කෑලි, වටේ මේස වල එවුන් ඉතුරු කරල ගිය ළුණු කෑලි එහෙම එකතු කරල හදල තියෙන ‘ලාවා’ ස්පෙශල් බයිට් එකත් කටේ හලාගෙන පැය එකහමාරක් බාගෙට නිදාගෙන ඉදල (ඇඳන් ආපු ඇඳුම් පිටින්ම ) ආපහු පාන්දර පැය 4ක් බස් එහෙක එල්ලිලා වැඩට යනව. එහෙම දාට උගෙ ලඟින් යන මැස්සො, මදුරුවො, කාක්කො ඔක්කොම ‘තනි තටුවෙන් පියාඹන්නෙ’………….අනිත් තට්ටෙන් නහය වහගෙන.

ඉතිං ඔන්න ඔය කියන එකමත් එක දවසක, හවසක Good Old ගැන්සියෙ මංජු, චුල්ලෙ,බුල්ලා, අජ්ජා හා මම (ලාවාගේ පැමිනීම බලාපොරොත්තුවෙන්)පේරා රෙස්ට් එකේ සෙට් උනා.   දැන් ඉතිං අපේ ගැන්සිය පුදුම වෙයි, මේ බෙබද්දන් රැලත් එක්ක අහිංසක මම ඔතන මොකද කරන්නේ කියල. ඒත් ජීවිතේ හැටි ඔහොමය ඕනෑ තරම් අහඹු සිදුවීම් ඇත. හරියට එදා බුල්ලාට තිබූ හදිස්සිය මෙන්ය…..’cheers’ කියනවා වෙනුවට ඌ කිව්වේ “මචං අද වේලාසනින් ගෙදර යන්න ඕනෙ….කඩවල් වහන්න ඉස්සෙල්ල”…කියලාය. වෙනදාට සිද්ද වෙන්නේ රෑ දෙගොඩහරි ජාමේ කවුරුහරි මූව උස්සගෙන ගිහින් ගෙදර දොරට හේත්තු කරලා බෙල් එක ගහලා පැනල දුවන එකය…..එදා මූට කඩවල් වහන්න කලින් ගෙදර යන්න ඕනෙලු. කොහොමහරි ……..”ඇයි උඹ කිරිපිටි අරං එනකම් ළමයි බඩගින්නෙ බලං ඉන්නවද……මගෙන් මුකුත් අහගන්නේ නැතුව දෙකක් දාගනිං” යන මංජුගේ විදානය හමුවේ බුල්ලා සරෙන්ඩර් උනා…වෙනදා වගේම දෙක තුන වී, තුන හතර වී හතර පහ වී බෝතල් දෙකාමාරක් විතර හිස් කරලා…..කට්ටියම මංජුලාගෙ ගෙදර ‘Night Parking’ පාරක් දැම්මා.

බුල්ලා පහුවෙනිදා උදේ පාන්දර 9 විතර නැගිටගෙන කෑගහනවා….”අනේ නැගිටපං මචං නැගිටපං…..දැන්මම ගියෙ නැත්තම් මම කපෝතියි”…. ඉතිං කෂ්ටියම බුල්ලාගේ නෑ සනුහරේම මතක් කරමින් නැගිටලා කේස් එක මොකක්ද කියල බැලුවා….. මේ යකා…’හාවී’ හෙවත් මුදිතාට පොරොන්ඳුවෙලා..’cone flakes’ ගෙනල්ල දෙන්න…… මුදිතාගෙ ෆයිනල් ප්‍රොජෙක්ට් එකේ ‘ටේස්ටින් පැනල්’ එක තියෙන්නෙ එදාට……හොඳටම වෙරි හිඳිලා නැතිඋනත් කට්ටියට වැඩේ සීරියස් කියල තේරුනා. ඉතිං කට්ටියම මංජුගේ මල්ලි මයියාගෙ ‘tooth brush’ එකෙන් බාගෙට දතුත් මැදගෙන දඩ බඩ ගාල ලෑස්තිවෙලා….ඇවිත් නුවර ටවුන් එකෙන් ‘Kellogs Cone Flakes’ එකකුත් අරං (වැඩි හොඳට බ්‍රවුන් පේපර් බෑග් එකකත් දාල)  විද්දා ෆැකල්ටියට.

crop බිල්ඩින් එක ලඟ ගේට් එකෙන් ඇතුලට දානකොටම පේනව… මුදිතා ඉන්නව animal එක ලඟ අත්දෙක ඉනට තියාගෙන ……හාවි නෙමෙයි කුලු මීමි වගේ පිඹ..පිඹ…..පුපුරන සද්දේ ඒ හරියටත් ඇහෙනවා…….. මංජුවා..වාහනේ මගින් නවත්තල බුල්ලට කිව්වා උඹම ගිහින් දීපන් මට බැහැ  වින්ඩ්ස්ක්‍රීන් එක කුඩු කර ගන්න කියල……”අනෙ මචෝ කවුරුහරි වරෙන් සපොර්ට් එකට …තනියෙන් නම් යන්න බෑ…..බලපන් අරකිගෙ හැටි” කිය කිය බුල්ලා වෙවුලනවා…ගොඩදාපු මාලුවෙක් වගේ…

මමත් බූරුව වගේ ඉතිං  හා යමන් කියල ගියා බුල්ලත් එක්ක ‘සහායට ඩැනීට’…..බුල්ල දත් තිස් දෙකම දාගෙන ගිහින් හරියට ධාථු කරඬුව වගේ අත් දෙකෙන්ම දුන්නා බ්‍රවුන් පේපර් බෑග් එක ගෑනිට …………………………………………………………………………….. ඊට පස්සේ මට මතක..’cone flakes’ වැස්සකට අහුවෙලා අපි දෙන්නා සී සී කඩ දුවනව විතරයි…… මුදිතා බුල්ලට කියල තියෙන්නෙ ‘cone flour’ ගේන්න…බිව්වට පස්සේ මූට ‘flour’ ‘flakes’ වෙලා……………………………..

කොහොමහරි BBY වෑන් එක තිබ්බ හින්ඳා….ටක් ගාල ආයිත් පේරාදෙනිය ටවුන් එකෙන් ‘cone flour’ ගෙනත් දීලා… මුදිතාගෙ ප්‍රොජෙක්ට් එක බේර ගත්තා………..හැබැයි ඔය ආනන්තරීය පාපකර්මයට හවුල් වීමේ දිට්ඨ දම්ම වේදනීය ඵල විපාක මට ඒ වෙලාවෙම හම්බ උනා,. ඒ තමයි මුදිතාගෙ ටේස්ටින්ග් පැනල් එකට යන්න මට සිද්ධ වුන එක…….

Animal science practicals තිබ්බ building එක මතකනෙ…අර ආශා මැඩම් සොසේජස් ස්මෝක් කරේ….අන්න එතන තමයි ඕක තිබ්බෙ……..හාල්මැස්සෝ සුප්, බිත්තර සුප්, කරවල සුප්,ඔන්න ඔය වගේ සුප් (සුප් කියල ලේබල් කරල තිබ්බ හොඳවෙලාවට ) ජාති 5ක් විතර… ටේස්ට් කරනව තියා කටේ තියන්න බෑ,…… අම්මපා නහය ලඟට ගන්න කොටම මට ඔක්කාරෙට එනව…… මම වමනෙ නවත්ත ගන්න ෆුල් ට්‍රයි එකක් දෙන කොට හාවී අහනව කොහොමද ෂෝක් නේද?….තව ටිකක් දෙන්නද කියල…… බඩ දඟලනව ඉන්නම බැරි උනාම….සයිඩ් එකේ තිබ්බ දොරකින් පැනලා…පිටිපස්ස්සේ තිබ්බ උදේනි සර්ගෙ මඩ් පොන්ඩ් එකකට වමනෙ දැම්ම තාමත් මතකයි…………..ඔය සීන් එක 1st සෙමෙස්ට එකේ උනානම්…….සමන්ති ‘Exibition’ එකට කරපු “බිව්වම වෙනදේ”…ලිස්ට් එකට ඕකත් දාන්න තිබ්බා.

imagesCATSZ1VX

Posted in With Lots of Love | Leave a comment

ගල් පිලිමය සහ…………

Moai-statues-Easter-Island-5337077අපේ ම.රා. තුමාගේ රාජධාණියේ…ආශ්චර්ය ගැන පහන් සංවේගය උපදවාගෙන ඉන්න වෙලාවක…අපූරු සිතුවිල්ලක් ආවා හිතට….. මේ තුමාගෙන් පස්සේ එන ඔටුන්න හිමි ‘නාමල්’ කුමාරයාගෙ සිව් වෙනි ධූර කාලයේ විතර….නැත්නම් මෑන්ගේත් ලොකු පුතා ‘නෝමල්’ කුමාරයා දැහැමෙන් සෙමෙන් රාජ්‍ය විචාලන කල්හි වගේ…අපේ ‘Good Old 20’ ගැන්සියෙන් කවුරු ඉතුරු වෙලා ඉඳිද කියල මට නිකමට හිතුනා ( අම්මපා මටත් හිතෙන ඒවා ),……. මංජු කියන විදිහට ලාවාව නම් ශුවර් එකටම පුලුං පුරෝලා ‘museum’  එකේ preserve” කරලා තියෙයි. නිරොශිනී වැරදිලා කටුගේ පැත්තේ ගිහින් හැරමිටියෙන් කෙලලා දැම්මේ නැත්නම්….., උදේ හවා ‘museum’ එකට හොරු පැන්නත් ලාවා කිසිදු අපල උපද්‍රවයකින් තොරව….මතු පරම්පරා ගනනාවකට බලා ගත හැකි ‘ජාතික වස්තුවක්’ ලෙස ආරක්ශාවී තිබෙනු ශුවර්ය…..  ඉතුරුවෙන අනිත් එකා තට්ටයාය.

හරියටම කියනවානම් තට්ටයාගේ පිලිමය ය. උගේ ඉස්කොලෙන් කැම්පස් ගිය පලමුවැනියා අපේ තට්ටයා බවත් ,ඒ වෙනුවෙන් පිලිමයක් නෙලා ඇති බවත්  ‘Good Old 20’ ගැන්සියට අමතක වීමට හේතුවක් නැත. ඇත්ත වශයෙන්ම නම් උගේ පිලිමයක් ඉස්කෝලේ විතරක් නොව ගලහ හංදියේද හිටවන්නට වටිනවාය. අපේ තුන් බෑ ජටිලයන් හතර දෙනාගෙන් තට්ටයා, බුලට් හා සුදම්ම කාලයක් තුන් වේලටම ‘පේරාදෙනිය’ හංදියේ මාතර බත් කඩෙන් කකා ගන්නෝරුව පාරේ බෝඩිං කාමරයක හිටියා මතකය. අපේ කතානායකයා, නමො විත්තියෙන් ‘computer ‘එකක් ගත්තේ ඔන්න ඔය කාලයේය. මංජුගේ යාලු අයියාගේ ‘shop’ එකෙන් කොම්පියුටරේයි ප්‍රින්ටරෙයි පටෝ ගෙන අපි හතර පස් දෙනෙක්  ගන්නෝරුව පාරේ බෝඩිමට සෙට් උනා මතකය. අපේ පරිගනක විශේසංඥයා , බුලට් වයර් ටික සෙට් කරලා කොම්පියුටර් රාජයා වඩා හිඳවූවා…. නිශාන්තයි, බුල්ලයි ‘Goldleaf’ දෙකක් පත්තු කරල දුං එහෙම අල්ලලා පිලිවෙලකට වත් පිලිවෙත් කරාට පස්සෙ….. බුලට්ගේ කීමට සතියක් මස් මාළු නොකා පේ වෙලා හිටපු ජි.එල්. computer එක වටේ තුන්වරක් පැදකුනු කරල වැඩේට සෙට් උනා. බුලට් ‘CPU’ එකේ බට්න් එක ඔබල ‘machine’ එක ‘on’ කරන හැටි ඉදන් ‘Windows log’ වෙලා ‘word doc’ එකක් ‘open’ කරගෙන වචන් ටිකක් ‘type’ කරන හැටි ලොක්කට කියල දුන්න. පොරත් ‘CR’ පොතක් දිග ඇරගෙන ගත්තා ‘notes’ ටික එලට.  ඊට පස්සේ අපි සෙට් එක බුවාට ‘computer’ එක භාර දීල එලියට ගියා දුමක් දාන්න. ඔන්න අපිට ඇහෙනවා තට්ටයා මොනාද ‘type’ කරනවා. …..ඒ කෝ…..බී..කෝ…සී තියෙනව ඩී කෝ….. කිය කිය මූ වැඩ…..පරන හිංදි සින්දුවක් කියනව වගෙ අපිට ඇහෙන්නෙ. කොහම හරි තට්ටය තටමල තටමල  අකුරු ටික හොයාගෙන හා පුරා පුරා කියල ගහ ගෙන ආව උගේ කුළුදුල් word document එක මගේ ‘පේරාදෙණි’ souvenir collection එකේ තිබිලා ළඟදි හම්බ උනා. ඒක කට්ටියගේ පහන් සංවේගය උදෙසා පහලින් දානව.

යකෝ  ‘computer’ එක ‘on’ කරන්න ඉගෙන ගෙන විනාඩි 10ක් ගියෙ නැහැ….මෙන්න මූ ක්ලාස් එකක් දාන්න ලීෆ්ලට් එකක් ගහල.

ඒකාලෙ මගේ ‘boss’ගෙ (දැන් කාලෙ කියලත් ඉතින් වෙනසක් නැහැ) ඕඩර්  එකක් නිසා මට සෙට්වෙන්න බැරිඋන ‘ටුවර් ඩි කටියා’ ෆන් එකකදි වෙච්ච සීන් එකක් මේ ස්ටෝරි එකටම ‘relate’ වෙන හින්දා නිකං මතක් කරන්න හිතුනා. ඕක සිද්ද උනේ ආමි එකේ මහත්තයාගෙ නෝනගෙ මහත්තයා හෙවත් සුජීව ‘MI’ වල ‘night parking’ වලට ආපු දවසක. කස්ටියට මතකනෙ ‘MI’ වල ‘කුක් අයියා’ , මූ කාංචනාගෙ නම දන්නෙ නෑ ඉතිං එයාට කියන්නෙ ආමි එකේ මහත්තයගෙ නෝනා කියල එත්කොට ඒ නෝනගෙ මහත්තයා…ආමි එකේ මහත්තයගෙ නෝනගෙ මහත්තයා…පර්ෆෙක්ට්ලි ලොජිකල්… නැද්ද මං අහන්නෙ. කුකාට අපේ ‘food week’ එකේදි මංජුයි, මමයි ගෙම්බයි එකතුවෙලා උදේ හවා ‘කසිප්පු’ පෙව්වත්…ඌට අපිට වැඩිය සුජීවයව දවසින් අල්ලල ගිහිල්ල තිබුනා. රීසන් එක මොකද්ද දන්නෑ….හැබැයි කුකා තරුණ කාලේ ආමි කෑම්ප් එකක උයල තියෙනව..ඉතින් ආමි පොරක්ව දැක්කහම ඌට පරන මොනාහරි මතක් වෙනව ඇති මං හිතන්නෙ.  උගේ අර ‘extra special’ කොසු ඩාන්ස් එකත් නටල පෙන්නුවා සුජීවට.

All right back to the story….ඉතිං ඔන්න ඔය කියන එකමත් එක දවසක, අපේ ‘Good Old 20’ ගැන්සිය  ගියාලු ‘කටියා වැවේ’ wet ෆන් එහෙකට.  අපෙ ගොඩ වැඩ දාන අයියල ඔක්කොම වතුරෙදි නොකවුට්….’undisputed king of tanks’ හෙවත් දිය කාවා ‘අජ්ජා’ කෙල්ලො ටික ඔක්කොම වට කර ගෙන ‘swimming lessons’ලු. අනික් උන්ට ඇහේ කටු අනිනව වගෙලු.  තට්ටයට මේක ඉවසන්න බෑලු….ඌට පීනනව තියා කානුවකට වැටුනත් ගිලෙනවලු. හැබැයි ඉතිං දන්නවනෙ තට්ටය කවුද කියල…ලේසියෙන් ගේම අතාරින පොරක් නෙමෙයිනෙ. බුවා චුල්ලයටද කොහෙද පිංසෙන්ඩු වෙලා …දා ගත්තලු විනාඩි පහේ ‘crash course’ එකක්…… යකෝ….මෙන්න මූ අඩි දෙකක් විතර යන්තං පීන ගන්න පුලුවන් වෙච්ච ගමන් කෙල්ලො ටික වට කරගෙන දෙනවලු swimming විතරක් නෙමෙයි scuba diving and snorkeling lesson එකක් …අපේ තුනට ගැනගන්නත් බෑ වගේ හිටිය ‘Good Old 20” ගැන්සියෙ කෙල්ලො ටික තට්ටයගෙ ලෙසන් එකෙන් ෆොම් වෙච්ච ෆොම් විල්ල කොහොමද කියනවනම්….තව ටිකෙන් ගමේ උන්ටික වටකරගෙන නෙලනවලු….ගමේ සීයලාගෙ හිරිඔතප් බින්ඳයි කියල………….යන්තන් Cpt. (ඒ කාලේ) සුජීව ‘cool as cucumber’ ක්‍රිස්තෝරුබදු හිටපු හින්ඳ වැඩේ ශේප් කරගෙන ගොඩට ආවලු කට්ටිය.

ඒ ‘story’ එක ‘ලු’ ප්‍රත්යයෙන් ලිව්වේ..ඇසින් දුටු සාක්ශි නොවෙන නිසාලු. හරියටම කිව්වොත් ඕක අජිත්ගේ ‘version’ එකලු. ඉතින් සදොස් තැන් ඇතොත් අපේ කෙල්ලන්ට(ඒ කාලෙ), කොල්ලන්ට(ඒ කාලෙ) නිදොස් කරන්න පුලුවන්ලු.

මචං තට්ටයට ‘මඩක්’ ගහපංකො කිය කිය අජිත්  e mail හත අටක්ම එව්වත් මම මේක ලිව්වේ ඉතිං මඩ ගහන චේතනාවෙන් නෙමෙයි කියල දන්නවනෙ…මඩේ පිපුන නෙලුම වගේ ඉන්න මට ඉතිං මඩ එක්ක සම්බ්ඳයක් නෑ කියල ආයිත් ඉතින් කියන්න දෙයක් නෑනෙ. දැන් ඉතිං මෙහෙම හිටියට අපිට ඔය වගේ ලස්සන ‘life’ එකකුත් තිබ්බ කියල ගැන්සියට මතක් කරන්නයි…තට්ටයාගේ දියුනුවේ රහස තියෙන්නේ ඔය ‘stories’ වල මිසක් ෆෙංෂුයි වල නෙමෙයි කියල ඌට මතක් කරන්නත් එක්කයි.

තට්ටයාගේ දෙවෙනි පිලිමය සිටවිය යුත්තේ a) ගලහ හංදියේ  b) ගන්නොරුව පාරේ  c) කටියා වැව මැද  d) ඉහත් ස්ථාන තුනේම ….යන ප්‍රශ්නයට නිවැර්දි පිලිතුරු දෙන ජයග්‍රාහකයින් දෙදෙනෙකුට Bata සෙරෙප්පුව බැගින් තෑගි ලැබෙන බව අමතක කරන්න එපා එහෙනම්.

Posted in With Lots of Love | Leave a comment

Uncle

Image

චන්දිගේ තාත්තාගේ වියෝව අපිට දැනගන්නට ලැබුනේ බොහෝ කල් පමාවීය. මංජුගේ නුවර ගෙදර වගේම චන්දිගේ මහරගම නිවසද අපේ ‘ගුඩ් ඕල්ඩ් ගැන්සියට’ බොහෝ හුරුපුරුදු තැනකි. එහි ගෘහමූලිකයා වූ ‘Uncle’ වෙලාවක්, අවේලාවක් නොබලා ‘Good Old ගැන්සියට’ සිය නිවසේ දොර හැරියේය.   එහි ගත කෙරුනු බොහෝ සොඳුරු සන්ද්‍යාවන්හි ‘Uncle’ද අපේ සතුට සමග එක්ව සිටියේය. අතිශය සරල මිනිසෙකු වූ ඔහු, මුවග නිතර රැඳි සිනා රැල්ලකටද ,උනුසුම් හදවතකටද හිමිකම් කී රසකාමියෙක් විය. ‘Uncle’ කිසිදිනක, කිසිවකට මැසිවිල්ලක් නගනු මා අසා නැත. ඔහු ජීවිතය සතුටින් විඳි මිනිසෙක් බව මට විශ්වාසය.

ජීවිතය යනු හමුවීම් ,වෙන්වීම් ගොන්නකි. ඉදිං….. නික්ම ගිය ඒ සුන්ඳර මිනිසාට…සමු දෙමු.

 

Posted in Uncategorized | Leave a comment

The Trafic Cone

මගේ උපාධි සහතිකය හෙවත් ‘ඩිග්‍රීය’ මීයෙක් කා ඇති බව අපේ අම්මා ඊයේ  ‘skype’  හරහා ප්‍රකාශ කලාය. මගේ ඔය ඩිග්‍රිය බොහො දෙනෙකුගේ, වෙහෙස මහන්සියක ප්‍රතිඵලයක් බැවින්..මට පොඩි සෝකයක් නොදැනුනාමත් නොවේ. මගේ ‘B.Sc (hons)’ එකෙන් හරියටම බාගයක් අයිති ශෂිනිටය. ඇගේ මුතු ඇට අකුරු නෝට් නොවන්නට මීයාට කන්නට වන්නේ ඌට දිරවගන්න බැරි මගේ කසාද සහතිකයය. තවත් බාගයක් හෙඩ් කුප්පි මාස්ටර් රංග පල්ලාවල ඇතුලු, සාගර, බුද්ධික, චලින්ද අයියා වැනි කුප්පි ගුරුවරුන්ට අයිතිය.  අකාලයා , බැන, බැන ටොකු ඇන, ඇන කුප්පි නොදුන්නානම්, හුලංය. ‘නිවේදකයාගේ’ ගෙදර බැල්කනියේ රේලිං එකට කකුල් තියාගෙන,  ‘ගෝල්ඩ් ලීෆ්’ එකක් පත්තු කරං මමත්, නිශාන්තත්, ආතල් එකේ අහං ඉන්න අයුරුත්, රංග  අතින් දුම් ඉවත් කර, කර ..කැහැ, කැහැ අමාරුවෙන් අපිට ‘කුප්පි’ දෙන අයුරුත් මට මේ දැනුත් මැවී පේනවාය. අකාලයාට ට්‍රිබියුට් එකක් ලෙස කිව යුත්තේ අපිට ‘කැම්පස්’ එකේ ඉගැන්වූ බොහෝ ‘ලෙචාලාට’ වඩා පොර ගව් ගානක් ඉදිරියෙන් සිටිබවය. හොදම උදාහරණය නම්, ඌ කුප්පි දුන් බොහෝ subject වලට ඌට වඩා ලකුණු මට තිබිමය.

ඒ පර්මනන්ට් කුප්පියන්ට අමතරව, අතරින් පතර කුප්පි දුන් , අපේ ‘Good Old’ ගැන්සියේ ලේඩීස්ලාටද තවත් බාගයක් අයිතිය.  ‘Exam paper’ එකකට කලින්දා හවසට “මචං එක බියර් එකක් ගහල එමු” කියා මා කැදවාගෙන ගොස්, කන පැලෙනකම් බීලා එන අපේ ‘ඊ-සැට්’ හෙවත් Exam Stress Alleviation Team (E-SAT) එකේ මංජු ප්‍රමුක චුල්ලේ, බුල්ලා, ලාවා, අජ්ජා, තට්ටයා ඇතුලු පාප මිත්‍ර නඩයට තවත් බාගයක් අයිතිය.  “අනේ ඩාලිං ඔයා A ගත්තත්, F++ ගත්තත්…….මගෙං නම් තමුසෙට ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ” කියමින් නිරන්තරව මාව දිරිමත් කල, නිරෝධාට, ඉතුරු බාගය අයිතිය.

ඉස්කොලේදී ‘පැන්සල’ උල්කර ගන්නට නිලූගේ පස්සේ ගිය පැටි සංදියේ පටන්, ..’ගණං’ කාරයෙකු වන අජ්ජා “යකෝ ‘එකකට’ මෙච්චර බාග තියෙන්නේ, උඹ මේක ලිව්වේ බාගයක් ගහලාද” කියා අහන බව ෂුවර්ය. ඒත් ප්‍රොෆෙසර් තටිල්ගේ z-score එකට අනුව මෙය නිවැරදි බව මට ෂුවර්ය, ‘S.B.’ ගෙන් ඇහුවොත් ජ්‍යාමිතික පැහැදිලි කිරීමක්ද ලබා ගන්නට හැකි වෙනවාත් ෂුවර්ය.

මෙකී නොකී මේ කුප්පි ගැන මතක් වෙන කොට තව අවශේෂ සිදුවීම්ද සිහියට එයි !!!!!!!!!!!!!!!!!!!!!!!

එකල, …..එනම් අපි ජයතිලක ශාලාවේ වැඩ වසන සමයයි. රූම් එකේ පිටිපස බැල්කනියට පිවිසි විට දෘශ්‍යමාන වන්නේ පීත්ත පටියක් සේ දිවෙන ගලහ පාර හා ඊට එපිටින් නෛකශ්‍රීයෙන් විරාජමානව බැබලෙන විජයවර්ධන ශාලාවයි. නේක වර්ණ, හැඩ තල ,ප්‍රමාණ සහිතව ලෙලදෙන රෙදි වැල් එහි අලංකාරත්වය තීව්‍ර කරයි……………………………………………

කොහෙන්දෝ ඇහිඳගෙන ආපු ට්‍රැෆික් කෝන් එකක් megaphone එකක් විදිහට යූස් කරල පාරේ යන කපල් වලට ‘අදින’ එක ලාවාගේ ප්‍රමුක විනෝදාංශය වෙල තිබ්බා. සුදු නයා මුගේ ‘ක්‍රයිම් පාර්ට්නර්’. එලුවා, අකාලයා, චුල්ලෙ, ටොඩිය සහ මමත් ඉදල හිටල ඩබලගේ ඔය ආතල් එකට සප් එකක් දෙනවා.  ‘ට්‍රැෆික් කෝන්’ ඩබල දවසක් හැන්දෑවෙ සෙට් වෙලා ඉන්නව පාරේ යන උන්ට අදින්න,…..කරුමෙට එදා නෝ ලක්. වැඩේ අල්ලලා දාන්න ඔන්න මෙන්න කියල තියෙද්දි, කවදත් ඇද ගෙන නාන්න දක්ෂ අකාලයා කඩා පත් උනා රූම් එකට. ‘මචං මම යනවා විජෙවර්ධනේට…දයානි එන්න කිව්ව’…….ලාවගේ ඉහේ මලක් පිපිල…ඕවට තමයි කියන්නේ දෙන දෙය්යො room එකට ගෙනල්ලම දෙනව කියල. “අනේ මචං පරිස්සමට ගිහිල්ල වරෙන්……කුඩයක් ගත්තද..හවසට වහින්න පුලුවන්….” කට්ටියම බොහොම ආදරෙන් බුවාව පිටත් කර හැරියා. ඌ රූම් එකෙන් එලියට ගියා විතරයි එලුවටයි, ටොඩියටයි මෙසෙජ් කරල ‘රීඉන්ෆොර්ස්මන්ට්’ ගෙන්නගෙන කට්ටියම පොසිශන් උනා ඇම්බුෂ් එකට.  රංග පැද්දි, පැද්දි ගිහින් විජේවර්ධන එක පැත්තට හැරුනා විතරයි, කට්ටිය පටං ගත්ත පොරගෙ රෙදි ගලවන්න.  ” ඔය විජෙවර්ධන එකට බඩගාන ගැරඬියා…ලෝක පැනියා……….. ඕකා අකාලයා…………….ඌට වැලක තියෙන දිය රෙද්දක් වත් පේන්න බෑ………ඕකා..පට්ට්ට්ට…… ජං@#%……..” යනාදී වශයෙන් චරිත සහතික පෝලිමක් දෙන්න ගත්තා…….. ජයතිලක හෝල් එකෙයි, අරුනාචලම් එකෙයි ඔක්කොම රූම් වලින් එලියට බැහැල බලනව මොකාද මේ ආත්ම වර්ණනාවට ලක්වෙන පොර කියල. විජෙවර්ධනේ…කෙල්ලොත්…ජනෙල් වලින් විතරක් නෙමෙයි ඉස්සරහ දොරෙනුත් එබිල බලනව ‘කවුද බොලෙ මේ ඇලිස් අකාලය’ ……..කියල.

ලොක්කා මල්ටි බැරල් ප්‍රහාර මැද්දෙම..කොහොම හරි හෝල් එකට රිංග ගත්තා……..මලා..එතකොට තමයි මට මතක් උනේ මමත් ‘assignment’ එකක් ඩිස්කස් කරන්න විජේවර්ධන එකට එනව කියල..අපේ ‘Good Old ‘ ගැන්සියේ කෙල්ලො ටිකත් එක්ක එපොයින්ට්මන්ට් එකක් දා ගත්ත කියල. රංගට වෙච්චි දේ වෙනවට වැඩිය හොඳයි අල්විස් pond එකට පැනල මැරෙනවා.. ඉතිං අපේ කට්ටිය ‘successful offensive’ එක සෙලිබ්‍රේට් කරන අතරෙ මම ආඳා වගේ රූම් එකට ලිස්සලා…දඩ බඩ ගාල ෂෝටට උඩින්ම ඩෙනිමක් දාගෙන මාරු උනා.  ජයතිලකෙ පිටිපස්සේ දොරෙන් එලියට බැහැල ‘Science’ ෆැකල්ටි එකට රිංගල…අර ‘ලිට්ල් චෙෆ්’ එක පැත්තේ ඉදල විජේවර්ධන එකට එන කැලෑ පාරෙන් ..’ Ginie A’  ග්‍රාස් පඳුරු වලට මුව වෙලා යන්තම් හොල් එකට රිංග ගත්තා.

ඇඟට ලේ ටිකක් උනනව දැනුනේ එතකොටයි. පලමු කඩුල්ල පැන ගත්තා,..ඊට පස්සේ රබර් ඇහැ දාල බැලුවා රංග ඉන්නවාද කියල.  ඌ මුල්ලකට වෙලා දයානිට කුප්පියක් දෙනවා……. ‘දියේ ගිලීමකදී අත්‍යාවශ්‍ය ප්‍රථමාධාර ක්‍රම’ හරි ඒ වගේ මොකක් හරි එකක් මං හිතන්නේ..(‘Extention’ වලට ‘First Aid’ සබ්ජෙක්ට් එකක් තිබද කියල අජිත් අපිව පොඩ්ඩක් දැනුවත් කලොත් හොඳයි.)

මම නෙමෙයි එතෙන්ට න්‍යෂ්ඨික බොම්බයක් කඩාපාත් වුනත් ඌට දැනෙන්නෙවත් නැති බව සැක හැර දැන ගත්තට පස්සෙ, සැනසුම් සුසුම් හත අටක් හෙලල මම සෙට් උනා අපේ ‘විශයානුබද්ධ’ වටමේස සාකච්චාවට. අර බිත්තර ස්ටෝරි එකේ අන්ඳරේ වගේ මමත් කිකිලියො ටික වට කරගෙන දාර්ශනික ටෝකක් දෙන්න පටං ගත්තා විතරයි……..කිරි අප්පට බල්ලො පැනපි කිව්ව වගේ…මෙන්න අර ලාවගෙ ටකරං කටෙන් පලාතටටම ඇහෙන්න දෙනව…”විජේවර්ධන හෝල් එකේ දකුනු පැත්තෙ කොනේ තුන්වෙනි මේසෙ ,කොල පාට ක්‍රොකඩයිල් ටී ෂර්ට් එක ඇඳගෙන කෙල්ලො ටිකක් වට කරගෙන ඉන්න එකා…පට්ට්ට්ට්ට්ට… ජං@#%………………….” ‘GPS’ එකකටත් වැඩිය ‘Presise coordinations’ එක්ක දෙනව ..නෝ චාන්ස්… මුල්ලුවා මේකෙ අස්සෙ ඉඳල ගියා කියල වටින් පිටින් ආරංචි උනත් ‘ඉන්ට’ එක දීපු එකා මට තාමත් හොයාගන්න බැරි උනා……. මුන්ගෙ ආච්චිලාට හාල් ගරන්න මෙච්චර වෙලා කට දෙපැත්තෙන්ම පැනි පෙරා ගෙන අහුමුලු වල හිටපු රජ පැනියොයි, H-ගාඩ්ලයි මට ඔලොක්කුවට හිනා වෙනව…ඔක්කොමත් ඉවසන්න පුලුවන් වටේ හිටිය කිකිලියො ටිකත් උඩ පැන පැන කෙකර ගානව …. “හොඳ…… වැඩේ තමුසෙට මට හොරෙන් විජෙවර්ධනේට රිංඟුවට” පහුවෙනිදට නිරොධාගෙ සිංදුව මගෙ දෙසවනේ දොංකාර දෙනව….. ලෝක නින්දාවයි  ආයිත් ජීවිතේට මේකේ පස් පාගන්නෙවත් නැහැ කියල මම හිතා ගත්තා.  හත් අට පාරක්ම ආයිත් ගියත් හැම වෙලේම සපත්තු දාගෙන ගියෙ පස් පෑගුවෙ නම් නැහැ අම්මපල්ල.
tc

Posted in With Lots of Love | Leave a comment

Independence Day

‘ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ’ එක දැක්කාම කැම්පස් කාලේ පරණ ස්ටෝරි එකක් මතක් උනා. මේක උනේ 50 වෙනි නිදහස් දිනය නැත්නම් නිදහසේ ‘ගෝල්ඩන් ජුබිලී’ එක සෙලිබ්‍රෙට් කරන්ඩ කට්ටිය සෙට් වෙන කාලේ.  ඒ කියන්නෙ අපේ ‘සෙකන්ඩ් සෙමෙස්ට’ එක ඉවර වෙන්න ඔන්න මෙන්න වාගෙ. ඒ කාලේ හිටපු ‘ඩිෆෙන්ස් මිනිස්ටර්’ රත්වත්තෙ උන්නැහේ බරටම වැඩ..ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ පෙරඩ් එක තියන්න යන්නෙ මහ නුවර… මිනිහගෙ ඒරියා එකේ…චීෆ් ගෙස්ට් ප්‍රින්ස් චාර්ල්ස්. ඒත් අපිට මොන සෙලිබ්‍රේෂන්ද….මෙ යක්කු එග්සෑම් එක දාල ඒ අස්සෙම. මතක් වෙන කොටත් මට හීන් දාඩිය දානව, පාඩම් කරන්ඩ නෝට් එකක්වත් නැහැ.

ඒ කාලෙ ශෂිනිගෙ නෝට් එක ‘ඔෆීෂියල් නෝට්’එක වෙලා තිබ්බෙ නැහැ…..මොකද හැමෝම වගේ ලෙක්චර්ස් යනවා..නෝට් ලියනව…..ඒදවස් වල ලයිබ්‍රි එකේ ෆොටොකොපි ගැහැව්වෙ රැවුල වවාගත්ත උලමෙක් වගේ එකෙක්..ඒ හින්ඳ මංජුත් ලියන එක නවත්තලා නෝට් ෆොටෝකොපි ගහන්න පටං අරං තිබ්බෙත් නැහැ… කොටින්ම කියනවනම් නිශාන්තටත් උගේම කියල නෝට් සෙට් එකක් තිබ්බ. තඩි පොල් ගෙඩි අකුරෙන් ලියල…’A4’ කොලේකටම තිබ්බේ වචන 32යි..එක සබ්ජෙක්ට් එකක නෝට් සෙට් එක කිලො 8ක් විතර බරයි. (සති 15ක නෝට් එක එහෙම නම් අවුරුදු 2ක A/L නෝට්ස් කිලො හැටක් විතර වෙන්න ඇති. මුගේ ශරීර ප්‍රමානයයි, A/L රිසල්ට්ස් අතර තියෙන ‘පොසිටිව් කොරිලෙෂන්’ එක මට තේරුනේ ඒ කාලෙයි.) ඒක ෆොටොකොපි ගහන්න ගියානම් ‘Old’බොතල් දුසිම් භාගයක් විතර අමතක කරන්න වෙනවා…ඒකනම් කොහොමවත් වෙන්නැති බව දන්නවනෙ, මංජුට හරි බුල්ලට හරි ඕක ආරංචි වුනොත් මගෙ බෙල්ල් මිරිකයි….. එග්සෑම්නම් ආයිත් ලියන්න බැරියැ.

රංගගෙ කුරුමිනි අඬු කියවන්න ‘මැග්නිෆයින් ග්ලාස්’ එකකුත් ගන්න වෙනවා. සාගර නෝට්ස් ලියන්නෙ ‘මොනිටර් එක්සයිස්’ පොතක, දන්නවනෙ ඒක ෆොටොකොපි කරාම පිටුවෙ ඉන්ටර්නල් බෝඩර් එකේ වචන වදින්නෙ නැහැ.( කාංචනා ‘වයිවා’ එකකට ගිහිල්ලා, සිරිල් සර් අහපු “පට්ටි ඌරෙකු වරකට ‘ඉජැකියුලේට්’ කරන ස්පර්ම් වොලියුම් එක” ලීටර් 400 ක් කියලා කියුවේ…එයාට මිස් වෙච්ච ලෙක්චර් නෝට් එකක් සාගරගෙන් ෆොටොකොපි කර ගෙනය…..ඒකේ ‘මිලි’ කෑල්ල වැදිල නැත.) “හෙහ්…හෙහ්..හේක්..ලයිෆ්බෝයි කෑල්ලක් අරං ගියා නම් නා ගෙනම එන්න තිබ්බා”…වැනි කෂඩ ටොක් සිරිලාගෙන් අහගන්න මට ඔන නැති නිසා ඒ option එකත් අමතක කරන්න උනාය. බුද්ධිකගෙ නෝට්ස් ගැන කියලා වැඩක් නැත ඒවා අපිට තියා ඌටවත් කියවන්ඩ බැරිය.

කෙසේ හෝ ‘සෙමෙස්ට’ එක පුරා කල කම් පල දෙන්නට යන බව මට පසක් වෙමින් තිබුනා. ෆස්ට් සෙමෙස්ට එකේ ඕවර් 3.00 අරං වැඩකාරයා වගේ හිටපු එකේ සායම යනබව ෂුවර්ය, “මූට උගන්නනවාට වැඩිය හොඳයි ඒ සල්ලි වලින් කාක්කන්ට ආප්ප අරං දුන්නානම්” යනුවෙන් පටංගන්නා අම්මගේ සුපුරුදු කංකරච්චලයට සවං දෙන්නට වෙනවත් ෂුවර්ය, ඊටත් හපං , ජූනියර් බැච් එකෙන් මගෙ සයින් එක ගහන්න පුලුවන් එකෙක් හොයාගන්නත් වෙනවාය. මෙසේ දහසකුත් එකක් භයංකර සිතුවිලි අතරේ තක්බීර් වී ඉන්නවිට ” ලොක්කා මොකෝ උඹත් පොල් මලීගෙන් ඇන ගත්තද” යි කියාගෙන චුල්ලයා කඩාපාත් උනා. එකල අපේ අහිංසක එළුවාට සිදුවී තිබුනු අකරතැබ්බය නිසා ඇතිවූ විපර්යාසය ආශ්‍රිතව සිංහල බාශාවට එකවූ ලේටස්ට් ප්‍රස්ථාපිරුල ඒකය. උතුර දකුණ මාරුවී, කං කඩාපාත්වී, විපරීත වී,….”පොල් මල ලෙස රළු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි……ඔබ ගැන සිහිකර #@ක්  %$#*න  එක මට ඇති එක සැපතයි……” වැනි බූට් සොන්ග්ස් කියන බුවාලාට…ඒ දවස්වල කිව්වේ ‘පොල්මලීගෙන් ඇන ගත් එළුවා වගේ’ කියාය.

එච්චරටම සාටර් කේස් එකක් නෙමෙයි උනාට …යන ලෙවල් එකේ විදිහට එග්සෑම් එකනම් ෂුවර් ෆේල් බව මම නිශාන්තට කිව්වා.

“න්නියම්මායියියියි……මාත් මේ පහුගිය ටිකේ අහස පොලව ගැටලන්ඩ වගේ කල්පනා කර කර හිටියෙ තනියම ෆේල් වෙන්ඩ වෙයි කියල…දැන් උඹත් ඉන්න හින්ද දෙන්නටම ආ….තල් එකේ ජූනියර් බැච් එකට යන්න පුලුවන්”

ඕං කිව්ව…… ජාඩියට ,මූඩිය වගෙ ඉන්න මිත්තරය දුන්නෙ නැතෑ සුපර් උත්තරයක්..(මේකා ඒ දවස් වල උදේ හවා ‘ඩිස්කවරි චැනල්’ එක බලන්න කොමන් එකට යන බව මට මතක් උනේ එතකොටයි.)

ජූනියර් බැච් එකට යන එක මේකට සොලුශන් එක නොවෙන බවත් ..අඩු ගානේ සති දෙකක්වත් එග්සෑම් එක කල් දාගත්තොත්…යන්තම් ජාම බේර ගන්න පුලුවන් බව මම කිව්වා.

මම:             “මචො මගේ ඔලුවෙ පොඩි ප්ලෑන් එකක් තියෙනව ….හැබැයි ඒකට රුපියල් 2 කාසි  සෙට් එකක් හොයාගන්න ඕන”

චුල්ලෙ:   “න්නියම්මායියියියි…..මම දන්නව ප්ලෑන් එක. අපි දෙන්නා ‘ඩීන්’ ඉස්සරහට ගිහින්..දෙකේ කාසි ටික බිම දාලා ඒව ඇහිඳිනව වගේ                                                      ඉන්නව”

මම:             “ඔන්න කිව්ව තවත් එකක්….යකෝ කාසි ඕනෙ ‘ඩීන්’ට නැවෙන්න නෙමෙයි, කොයින් බොක්ස් එකකින් කෝල් එකක් දාන්න”.

කොහොම හරි ප්ලෑන එක්ස්ප්ලෙන් කරල..දෙන්න එකතුවෙලා ස්ක්‍රිප්ට් එකත් ෆයිනලයිස් කරගෙන…..’ලිට්ල් චෙෆ්’ එකේ අයියගෙන් ගමේ කෙල්ලට කොල් කරන්න කියල රුපියල් විස්සක දෙකේ කාසිත් මාරු කර ගෙන අපි වැඩේට සෙට් උනා.  කවුරුත් කෝල් ගන්නෙ නැති රෑ ජාමෙට කිට්ටු වෙන්ඩ අපි දෙන්නා ‘හිල්ඩා’ එකේ ටෙලිෆොන් බොක්ස් එකට ගිහින්…… නිශාන්ත ගත්ත කෝල් එක ඒකාලෙ ‘කැන්ඩි රේන්ජ්’ එක භාර එස්.එස්.පි නිමල් මැදිවකගෙ ඔෆීස් එකට.

‘කැන්ඩි ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ සෙලිබ්‍රේශන්’ එකට තියෙන ලොකුම සිකියුරිටි ත්‍රෙට් එක පේරා යුනි එක….ඊට වැඩිය සේෆ් හවුස් එකක් පැත්ත පලාතකවත් නෑ,…ඒ මදිවාට…සස්පිශස් මූව්මන්ට්ස් වගයකුත් සමහරු නෝට් කරල තියෙනව පහුගිය දවස් වල…..’VIP’ කොන්වොයි යන්න වෙන්නෙත් යුනි බොඩර් එකේ….අපි මේව ගැන අලර්ට් එකේ ඉන්න ස්ටුඩන්ට්ල කන්ඩායමක්…….. මේක ක්ලියර් නොකර ඉන්ඩිපෙන්ඩන්ස්  තියන එක හෙනම රිස්ක් එකක් …යනාදී වශයෙන් චුල්ලයා දුන්නා ලොවෙත් නැති සිට්‍රෙප් එකක්. එහා පැත්තේ රෙස්පොන්ස් එකත් ෆුල් පොසිටිව් කියල පොර කිව්වා. අපි දෙන්නා පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහිල්ලා පහකුත් දාලා එහෙම නිදා ගන්න ගියා.

අප්පට සිරි කිව්වලු පහුවෙනිද උදේ වෙද්දිම වැඩේ පත්තුවෙලා..කැම්පස් එකම වට කරල ආමි එකෙන්….’හිල්ඩා’ එකෙත් ගේට්ස් වහල..එකා, එකා චෙක් කරල තමයි එලියට දාන්නේ. බෑග්ස් චෙක් කරලා, මුලු සර්වාන්ගෙම අත ගාල , රහස් ආයුධ තියෙනව කියල සැක ස්තාන මිරිකල ගේට්ටුවෙන් එලියට දානවා. කාන්තා නේවාසිකාගාර චෙක් කලේ කොහොමද කියන්න මම දන්නෙ නැහැ….හැබැයි අපේ කාන්තා කටයුතු භාර අමාත්‍ය ලාවා නම් කිව්වේ…අපේ බැචියන් එදා වෙනදාට වැඩියෙන් ප්‍රබොදමත්ව සිටිය කියලයි. විශය සම්බන්ඳ ප්‍රාමාණික විද්වතෙක් වෙච්ච මංජු ඒක සනාත කලා වගේ මතකයි.

එදා හවස නිශාන්තයි, මායි ගෙදර ගියේ සීන් එක නැගලා යන බව දැන ගෙන…..වීක් එන්ඩ් නිවුස් වලට…මයුරී අබේසිංහ “ආරක්ෂක හේතූන් මත පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලුම පීඨ පෙබරවාරි 4 වෙනිදා දක්වා තාවකාලිකව වසා දමයි..සියලු සිසුන් සඳුදා මධ්‍යාහ්න 12ට පෙර විශ්ව විද්‍යාල භූමියෙන් ඉවත් විය යුතුයි”…කියනවා බස් එකේ නින්ද ගිය වෙලේ හීනෙනුත් දැක්කා.

ඒත් ඉරිදා නිවුස් වල ගියේ ඒ ප්‍රවුර්තිය නෙමෙයි…ඊට වඩා හුඟාක්ම අවාසනාවන්ත එකක්……’LTTE’ එක දළදා මාලිගාව බ්ලාස්ට් කරල…….., ඒ මදිවාට නිදහස් උත්සවය වෙනු එක චෙන්ජ් කරල කොළඹට.  එග්සෑම් තිබ්බා ශෙඩූල් කරලා තිබ්බ දවස් වලටම…මාත් ෆොටොකොපි රූම් එක ලගට වෙලා හිටගෙන ඉන්නව..එක එකා..මිස්වෙච්ච නෝට්ස් කොපි කරගන්න ආවහම…අහුවෙන ඕන එකක් මාත් ෆොටොකොපි කර ගන්නව…කොහොම හරි..අකාලයගෙනුයි, සාගරගෙනුයි එහෙන් මෙහෙන් කුප්පි ටික කුත් දාගෙන නිශාන්තයි, මායි යාන්තම් එග්සෑම් ගොඩ දා ගත්තා. යාන්තම් 2.7 ගානක් ‘GPA’  එක කැම්පස් එකේ මගේ අඩුම රිසල්ට් එක.

අද , ඊයේ වගෙ තාමත් මතක මේ සුන්දර ..සිදුවීම් වෙලා ගොඩාක් කල්……ටිකක් නෙමේයි අවුරුදු 14ක්…..කාලය අපිව පහුකරගෙන බොහෝ දුර ගිහින් තියෙන්නේ හුඟාක් දේවල් වෙනස් කර ගෙන…………… රත්වත්තෙ උන්නැහේ, ප්‍රභා එක්කම එලොව……මාලිගවෙ බෝම්බෙ ප්ලෑන් කල කරුනා..ඇමති කෙනෙක් වෙලා….නිමල් මැදිවක, සීනියර් DIG කෙනෙක්  විදිහට දැන් රිටාය වෙලා……..එකොලහයි කාල…කටාර් වල ටයිම් සෝන් ඩිෆරන්ස් එක නිසා හතයි කාල වෙලා….තට්ටයා..රියල් තට්ටයෙක් වෙලා….අකාලයාගෙ කෙස් වැවිලා…..ලාවා ,සුහුඹුලෙක් විදිහට රූපාන්තරණය වෙලා……..’Good old’ ගැන්සිය නාකි වෙලා…………. මගෙත් වයස හොඳ වෙලාවට 28දි නොනැවතුනානම් ..දැන් 32ක් විතර වෙලා……..

වෙනස් වෙලා නැත්තෙ දෙකයි…..එකක් ප්‍රොෆෙසර් බෝගහවත්තගෙ, මැක්‍රො ඉකොනොමික්ස් එග්සෑම් පේපර් එක…..අනිත් එක තාම හොයාගෙන නැහැ..

Posted in With Lots of Love | Leave a comment

වීරයා මැරිලා

vmඅජ්ජාගේ ගෘප් එකත් හරියට තුන් බෑ ජටිලයන් හතර දෙනා වාගේය, නම Good Old 20 උනාට ඉන්නේ 17. කොහොම හරි මිනිහා මේක අප්ඩේට් කර ගෙන යන නිසාත්..අපේ කස්ටියගෙන් වැඩි සපොට් එකක් නැති වගෙ නිසාත් මම පොඩි සප් එකක් ඉදලා හිටලවත් දෙන්න හිතුවා

පොර ටික දවසකට කලින් මට හීනියට මඩක් ගහලා තිබ්බා. ෂුවර් එකටම දයානියි මාවයි කොටවන්නට ගැසූ ගේමක් විය යුතුය. දයානී ඕවාට අසු නොවන බව මට ෂුවර්ය. අජ්ජා මඩ ‘කිංග්’ බව කවුරුත් දන්නවනෙ. මමනම් මඩ වලට කිසීම සම්බඳයක් නැති හරියට මඩේ පිපුන නෙලුම සේ පවිත්‍ර බව ‘ගුඩ් ඕල්ඩ් ගැන්සියම’ දනී.

එහෙම නැත්තම් අජ්ජා වලිගේ පාගා ගෙනය. MI වලදී දයානිගේ පැඩල් එක ගලවපු සීන් එකක් ගැන මෙලෝ මතකයක් නැත. ඒත් රංගගෙත් දයානිගෙත් බයිසිකල් දෙකම එකට ලොක් කරලා අඩි 8ක් විතර උස වැටකින් එහා පැත්තට දාපු ස්ටෝරි එකනම් හැමෝටම මතක ඇතුවාට සැක නැත……….

ඉතිං අජිත් මතක් කරපු හින්දාම ඔය ස්ටොරි එකේ නිදාන කථා වස්තුව කියන්නට හිතුනා. මේවා මෙච්චරකල් තිබ්බේ ‘ක්ලැසිෆයිඩ් ඉන්ෆොමේශන්’ විදිහට ඒත් ‘ටෙන් ඉයර්ස් පීරියඩ්’ එක ඉවර නිසා ‘ඩීක්ලැසිෆයි’ කරනව එහෙනම්.

ඔන්න ඉතිං අපි MI ගිය දවස් වලම රංග කොහේහරි ගුබ්බෑයමක රිංගලා හදා ගෙන ආව කැලෑ උණක්..බුද්ධිකට අනුව ඔය කැලෑ උණේ මූලය ‘තල් උණක්’ කොහොම හරි සිංහයා වගේ හිටපු මූ මේකෙන් බල්ල මාක් එකටම වැටුනා. කොච්චර පහතට වැටුනද කියනව නම්, එලුවා  උණ බැලුවෙ මූගෙ නලලට උගේ සිරිපතුල තියල. ඒකෙන්ම හිතා ගන්න පුලුවන්නෙ ලෙවල් එක.

පොරට ඇවිද ගන්න තියා හිට ගන්නවත් බැහැ, නිකන් බුල්ලා වෙරි වුනාම වගෙ. කෙල, හොටු,කඳුලු ඔක්කොම පෙරාගෙන ඒ මදිවට අර රෝස පාට ගෑණු ලේංසුවෙන් පේස්ට් එක මූන පුරාම අතුල්ලගෙන ….මගේයි, නිශාන්තගෙයි කර පිටින් බුවාව,අර ඇච්චිලාගෙ අම්මලා..මැදවච්චිය හරහා ඇවිත් තිබුන වෑන් එකට වඩම්මනවා..බැච් එකේ තුන් කාලක්ම දැක්ක. ලොක්කව..වෑන් එකේ සීට් එකේ පත බාවල අපි දෙන්නා දෙපැත්තෙන් ඉඳ ගත්තා. මූ කෙදිරි ගානව වෑන් එක දෙදරන්න…ඒ සද්දෙට ඇච්චිගෙ අම්ම අපෙං අහනව…”පුතා අපි දැං යන්න ඔනෙ හංදියෙ ‘ඩිස්පැන්සරියටද’ නැත්නම් ‘මැටර්නිටි’ වෝඩ් එකටද කියල. පිටිපස්සෙ හිටිය ගාල්ලෙ කෙල්ලො සෙට් එක බඩ අල්ලං හිනා වෙනවා…..

කොහොමින් කොහොම හරි..උණ යන්තං හොඳ උනා….ඒත් ලොක්ක ගමටම කිච වෙලා, දයානිගෙනුත් නෝන්ඩි වෙලා…කූජිත වෙලා..ෆුල් අවුට්..මානසිකව වැටිල දනිස් විතරක් නෙමෙයි වැලමිටියි නලලයි..පසඟම තුවාල වෙලා. හරියට කෑමක් නැහැ, වෙලාවකට ඔහේ බලා ගත්තු අතේ බලං ඉන්නව…සෙන්ට් කියල ඉන්සෙක්ට් රෙපලන්ට් ගා ගන්නව..සන්ස්ක්‍රීන් කියල ටූත්පේස්ට් මූනෙ ගා ගන්නව බුවා ෆුල් අවුට්.

ඉතිං ‘අතිවිසාල’ මිත්‍රයන් දෙන්නා වශයෙන් නිශාන්තටත් මටත් මේක බලා ඉන්න බැරිවුනා. විසේසයෙන්ම…නිරෝශා රයිගමගේ සිට මනෝජා දක්වා..සියලු බැචියන්ගේ ඕනෑම සුලු දුකකදී…වෙඬරු පිඩක්සේ උනුවී දියවී (සමහරදාට බිත්තිය දිගේ වැක්කෙරෙන ) චුල්ලේගේ සිත රූමා වෙනුවෙන් උනුවීම අහන්නත් දෙයක්ද. ඉතිං වහාම ක්‍රියත්මක වන පරිදි..’රීගේනින්ග්’ රංග නොහොත් යලි පුබුදමු රංග වැඩසටහන යටතේ මූව ගොඩ දාගන්න අපි කතා උනා.

3rd ඩෝම් එකේ ඉස්සරහ තිබ්බ බංකුව නොහොත් බෝඩ් රූම් එකට සෙට්වෙලා, මංජු නුවර අලි මුඩුක්කුවෙන් ගේන ‘කියුබන් සිගා’ එකකුත් පත්තු කරන් මාත් ,නිශාන්තත්,රංගත් තුන් දෙනා ‘සතර කං’ මන්ත්‍රනයක් කරා මේකට සොලුශන් එකක් හොයන්න. කුඩේ කුඩු වෙලා තිබ්බ රංගගේ කීර්තිනාමය යලිගොඩ නගන්න, ‘පර්සනැල්ටිය රීඉන්ස්ටේට්’ කරන්න, කොටින්ම කියනවානම් බැච් එක ඉස්සරහ ආපහු වීරයා කරන්න සුදුසු ප්ලෑන් එකක් ගහන්න.

ඔන්න ඔහොම තමයි…එදා MI වල රංගගත කරපු මෙගා ඩ්‍රාමා එකේ ස්ක්‍රිප්ට් එක ලියවෙන්නෙ.

එනම්………….

කට්ටියම ප්‍රැක්ටිකල් වලට ෆීල්ඩ් එකට බැස්සට පස්සෙ…මමයි, චුල්ලෙයි එකතුවෙලා..රංගගෙයි දයානිගෙයි බයිසිකල් එකට තියලා ලොක් කරලා දානවා තඩි වැටකින් එහාට…….. ප්‍රැක්ටිකල් ඉවරවෙලා කස්ටිය එලියට බහින වෙලාවට…රංග ,දයානිවත් ලඟින් තියාගෙන..පටං ගන්නවා ජාතිය අමතන්න…… මඩ කලිසමේ කොනකින් අල්ලලා උස්සගෙන… “අඩෝව්..තොපි දන්නෑ මං කවුද කියල…අපේ බයිසිකල් විසී කරපු එවුන් හොඳ හිතිං වහාම…ඒව ආයිත් මගේ කකුල් දෙක ලඟින් තියාපියව්..නැත්තම් මං දන්නව කොරන වැඩේ…….මං හොඳට හොඳයි නරකට ඊටත් වැඩිය හොඳයි….ආයි මං නරක මිනිහා කියල කියන්ඩ එපා……..” (මූ චූන් එක වැඩි කමට ස්ක්‍රිප්ට් එකේ නැති ඒවත් කියල බනිනව.. මේ අස්සේ දයානිත් කෑ ගහනව…ඔව්..ඔව් මමත් නරක ගෑනි කියල කියන්ඩ එපා)

ඉතින් මාත් නිශාන්තත් වෙරි වෙච්ච පූසට බය වෙච්ච් මී පැටව් වගෙ ඇදෙනව ඒ පැත්තට…… මුලු බැච් එකම කට ඇරගෙන බලං ඉන්නව…..’මෑත තැබූ තැබූ පිය ,මිහිකත සනහ සනහා ඇදෙන අපි දෙන්නාය…..ඈත තැබූ තැබූ පිය පොලව ගුගුරවමින් එන රංගයානෝය……. දෙපස, දැන් දැන් කුමකින් කුමක් වෙදැයි භිරාන්තවී මුව අයා සිටින බැචො, බැචියෝය………..’ ………සීන් එක ඔහොමය. කොහොම හරි අපි දෙන්නා එදා බයිසිකල් දෙක ආපහු අරං දීලා…රංගව වීරයාට ඇන්ඳුව ඔබ්ජෙක්ටිව් එක ඇචීව් කලා…..ඒක ප්‍රී ප්ලෑන් ඩ්‍රාමා එකක් නෙවෙයි නම් එදා මටයි චුල්ලෙටයි බැනපු බැනිල්ලට රංගට වෙනදෙ…..ආයි ඉතිං අපේ ගුඩ් ඕල්ඩ් 20 ගැන්සියට කියන්න දෙයක් නැහැනෙ..

එහනම් මුන් දෙන්න බඳින්නෙ ‘අර්ල්ස් රීජන්සි’ එකේ නෙවෙයි..MI වල නියරෙ. බයිසිකල් දෙක වගේ දෙන්නව බැඳල දානව වැටෙන් එහාපැත්තට..අම්මපා………… දන්නවනෙ චුල්ලයයි මමයි හරි සැරයි.. එහෙම උනානම් රනිල්ට (ලාවට ) වෙඩින් ෆොටො එකට ඉන්න වෙන්නෙත් නැහැ. ඒ මොකක්ද ඒ සීන් එක කියල මගෙන්නම් අහන්න එපා මොකද ඒක තාම ‘ක්ලැසිෆයිඩ්’ අවුරුදු 25ක් යනකම් …. ගුඩ් ඕල්ඩ් 20 ලීඩර් කරල්ලියැද්දේ බණ්ඩාරගෙ ඔඩර්ස්.

Posted in With Lots of Love | Leave a comment

‘Oparation Swap’

මේක මේ මමත්, රංගත්, සාගරත්, බුද්ධිකත් හිල්ඩා 90 රූම් එකේ දැහැමින් සෙමෙන් වාසය කරන කාලයේ වෙච්ච සීන් එකක්. රූම් එකේ තිබ්බ ඇඳන් 3ම ෆුල් සාටර් උදේ නැගිටිනකොට කොඳු ඇට පේලිය තුන්හුලස්.  ඔහොම ටික දවසක් දුශ්කරක්‍රියාව කරගෙන යනකොට රංග ගෙනාව සුබ ආරංචියක්..අපේ ‘ගුල් මේට්’ ලගෙ ටර්ම් එක ඉවර වෙලා…ඉතිං ටෙනන්ට්ශිප් එක දැන් ඉන්න එවුන්ගෙන් ජුනිය බැච් එකට මාරු වෙනව. අපේ ගුල් මෙට්ල නොහොත් නේබර්ස්ලා…ආටො සෙට් එකක්…ඔෆිෂියල් තුන් දෙනයි තව ගජයො බර ගානකුයි, ඔක්කොම 8ක් ද 9ක්ද කොහෙද හිටියා….අපිත් එක්ක වැඩි ඇයි හොදයියක් නොතිබ්බට…දැක්ක තැන ‘හලෝ මචං’ එකක් දානව. අපිට තිබ්බ එකම අප්සෙට් එක මුං 9 දෙනාවම මතක තියාගන්න එකයි. ඔටුවෙක් හිටිය..උරුලෑවෙක් හිටිය…කොහොම හරි දෙහිවල Zoo එකට වැඩිය සත්තු හිටිය ඒකෙ.hilda
ඕන කුනු ගොඩක් අස්සෙ රිංගන අකාලයා ඉතිං මේ නිවුස් එකත් හොයාගෙන ආවා…විතරක් නෙමෙයි…උංගෙ ඇඳන් 3ත් සුපර් කොලිටි කියල හොයාගෙන තිබ්බා. (පොර ඒක දන්නෙ කොහොමද කියන එක මටත් ප්‍රශ්ණයක්….මොකද මේ බුල්ලා නෙමෙයි අකාලයනෙ) කොහොම හරි නිවුස් එක ආපු ගමන් අපි ඔපරේෂන් එක ප්ලැන් කරා. කෝඩ් නේම් එක ‘operation swap’. අපේ ඇඳන් ටික එහෙට එහෙ ඒවා මෙහෙට.  පොඩි පරහකට තිබ්බෙ..ඉන්න එවුන් ටික යතුරු බාර දෙන්නෙ සෙනසුරාදා හවස…සඳුදා වෙනකොට අලුත් උං එනවා.  කොහොම හරි වීක් එන්ඩ් එකේ ගෙදර යන්නත් ඕනෙ (නැත්තන් ඊලඟ සුමානෙට අඳින්න ඇඳුම් හෝදල දෙන්නෙ පොලීසියෙන්යැ). ඉතිං ඔය සියලු කාරනා, ග්‍රවුන්ඩ් ඉන්ටෙලිජන්ස්, වෙදර් පැටර්න්,රාහු කාළය,අරව මේව සලකල බලලා Op. එකට සුබ නැකත සෙනසුරාදා හවසටම දා ගත්තා.  ආටො ටික චුත වෙච්ච ගමං පිටිපස ජනේලෙට ඇටෑක් කරල ‘ක්ෂ්ණික විහිදුම් බලකාය’ ඇතුලට බස්සල..පිටි පස්සෙ දොර ඇරගෙන ඇඳන් මාරු කරල එවෙලෙම ගෙදර බලා විත්ඩ්‍රෝ වෙන එක තමයි ප්ලෑන් එක.

හදිස්සියෙ ‘රීන්ෆොස්මන්ට්’ ඔන උනොත් කියල නිශාන්තවත් නවත්ත ගත්ත. (කිරි කෝපි එකක් දුන්නොත් ඕන බරකට කර ගහන්න පොර රෙඩි කියල මේ කාලෙ වෙත්දි අපි දැනගෙන හිටියෙ නම් නැහැ හැබැයි ). සිකුරාදා හවසට campus හංදියෙන් කොළඹ යන ‘නෝමල්’ බස් එකක එල්ලිලා ,දාඩිය පෙරාගෙන බැචාල,බැචීල රොත්තක් එක්ක තෙරපි තෙරපි ගෙදර යන්න තිබ්බ චාන්ස් එකත් අත ඇරල අපි සෙට් එකම නැවතුනා. ඒ දවස්වල “ලවස් ලේන්” එකේ එන්ට්‍රි පර්මිට් තිබ්බෙ සාගරට විතරයි, ඌ සෙනසුරාදා උදේ පාන්දරම ගිහින් හවස ආව, ඇඳක් තියා කොට්ටයක්වත් උස්සන්න බැරි ගානට…Agronomy කුප්පියක් දුන්න කියල තමයි කිව්වෙනම්. වාග් සංවරකම ඉහලින්ම තිබ්බ බුද්ධික ගත් කටටම කිව්වෙ..anatomy & physiology කුප්පියක් වෙන්න ඇති කියල. මාත් ඇතුලු අනිත් ගෝතයො ටිකට නෝ කුප්පි ..ඔහේ වේලි වේලි හිටිය හවස් වෙනකම්. (අවශේෂ කතා කියන්න ගිහින් මේන් ටොපික් එකෙන් පොඩ්ඩක් අවුට් ගියා…ඒත් මේවා නොලියත් බැහැ යාලුවො තරහ වුනොත් එහෙම ලිව්වෙ නැහැ කියලා)

කොහොම හරි ප්ලෑන් කරපු වෙලාවටම..ඒ විදිහටම..Op.එක ගානට තිතට නූලට ගියා… ‘ක්ෂ්ණික විහිදුම් බලකාය’ දඩ බඩ ගාලා, බැස්ස..ගේම දුන්නා..මාරු උනා…..’Operation Swap’එක ෆුල් සක්සස්..කට්ටිය ‘පහක්’ එහෙම දාලා..ගෙදර ගියා.

ඊලඟ සඳුදා හවස කස්ටියම…මුකුත් නොදන්න , ඇල්වතුරත් නිවල බොන…හා මස් විතරක් කන අහිංසකයො වගේ රූම් එකට ආවා. අප්පට සිරි කිව්වලු….සටර්ඩේ ඔපරේෂන් එකේ..ප්‍රතිපල රූම් එක පුරාම…ඇඳන් උඩ, යට..මේසෙ…බිත්තිවල ..හැම තැනම මකුනො පිරිලා..මෙච්චර මකුනො කන්ඳරාවක් එක්ක අල්ලපු කාමරේ අපතයො ටික පනපිටින් හිටියෙ කොහොමද කියල අපිට හිතා ගන්නවත් බැහැ ඒ තරමට මකුනො.

මදැයි සැපට නිදා ගන්න කියල ඇඳන් මාරු කරා….වෙන මොන කරන්නද ‘එක මකුනයි ලමයෝ කන්නේ..ඇයි ඔක්කොම මකුනො මරන්නේ’ කිය කිය කස්ටියම වැඩේ පටාං ගත්ත.සියලු ‘ මකුනෝ’සංසාර දුකින් මිදෙත්වා…කිය කිය බුද්ධික මකුනන්ට උනු වතුර හලනව……..රංග සාදුකාර දිදී වතුර උනු කරනව….සාගර…අපිට මකුනු දායාදය දීපු අපේ අසල්වැසියන්ට ප්‍රේම කරන්න යන්න සුදුසු සුබාවිත වචන තෝරනව……මල ජූලියයි…

මමනම් ඉතිං බෝ පැලේ වාගෙ.. පස් පවින්ම වැලකිලා ඉන්න මනුස්සයනෙ….ඉතිං ඔය පාපක්‍රියවන්ට සම්බන්ද නොවී…. උදේ ඉඳං ..’ලෙක්චර් හෝල්’ එකේ ඉස්සරහම පේලියේ ඉඳගෙන මුතු කැට අකුරින් මමම ලියල රතු පෑනෙන් ඉරිත් ගහල තිබ්බ නෝට්ස් ටික අරං පැත්තකට වෙලා පාඩම් කරා වගේ තමයි මතක……

ඔන්න ඔහොමයි අපේ ‘operation swap’ ඔපරේෂන් ‘හිට මකුනා’උනේ.

Posted in With Lots of Love | Leave a comment