එළුවා නත්තරංපොත ගියා වාගේ

බුද්ධික සම්පත් එගොඩවත්ත ලංකාවේ සතියක නිවාඩුවකට ආපු බව ආරංචි උනා.. අකාලයා බුවාව හම්බ වෙන්න යන්න ඉස්සෙල්ල…මට තකහනියෙම කතා කරලා එලු story එකක් post කරන්න කියල ඉල්ලුව…ඒක මතක් කරල හොඳ කතා ටිකක් අහගන්න පුලුවන් වෙන හින්ද…කට්ටිය දන්නවනෙ..මගේ ඉතිං ඔය මඩ එක්ක සම්බන්දයක් නෑ කියල…විශෙෂ්යෙන් බැච් එකේ මගේ ලඟම අසල්වාසියා වගේම එකම නෑයා වෙච්චි එලුවට….එහෙම නැතුව මේක පරක්කු උනේ මගෙ සිංහල ටයිපින් slow නිසා එහෙම නෙමෙයි. ‘එලුවා වනාහී……….’ ලෙස පටං අරං කතාවක් නෙවෙයි, පොතක් උනත් ලියන්න පුලුවන් චරිතයක් බව ආයිත් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.

ඒත් පහුගිය ටිකේ මම හිටියෙ එලුවාගෙ ජීවිතාරක්ශාව පිලිබඳ සෑහෙන බයෙන්….මොකද මේ දවස්වල මංජු k.ගෙ පරම හතුරා වන එලුවාව අහුවුනොත් ‘හලාල්’ කරන්ඩ බලාගෙන තමයි මංජු හිටියෙ …..කොහොම හරි පොරගෙ ගරිල්ල ප්රහාරයකට අහු නොවී හතර හන්ඳි බේරගෙන නැවත vancouer බලා යහපත් උනා කියල ආරන්චි උනාම තමයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවෙ.574510_10150744650358741_1426210384_new
සිංහල, ඉංග්රීසි සහ ශුද්ධ සිංහල ත්රිභාෂා පරමේෂ්වර එලුවාගෙන් ‘විධග්ග’ වචන මාලාවක්ම ශබ්ධකෝශයඨ එක්කර ගන්නට විශේෂයෙන්ම අපේ බැචියන්ටත් සමහර බැචාලටත් පුලුවන් වෙච්ච බව තමයි, පේරා අපේ ඉතිහාස කතාවේ ලියවිලා තියෙන්නෙ. වාග් සංවරකම ‘අති විශිෂ්ඨයි’ කියලත් කට්ටියට මතක ඇතිනෙ. හැබැයි ඕකා කැම්පස් ආපු මුල් දවස්වල පට්ට තෙලා. ඌයි , රංගයි ඩබල ඩ්රෑමයි, මුල්ලුවයි දෙන්නටත් වැඩිය තෙල් මාමල ඒ දවස්වල. මම ‘Intensive course’ එක කට් කරල, කැම්පස් පටං අරන් මාස දෙකකට විතර පස්සෙ ගල් පැලෙන බොරුවකුත් හදාගෙන ඩීන්ව හම්බ වෙන්න ආපු දවස මට මතක් වෙනවා. මම crop building එකේ proff ජයතිලකගේ office එක ලඟ හොරගල් අහුල අහුල ඉන්නව දැකපු අකාලය නලලෙ අත ගහගෙන දුවගෙන ඇවිත් “තෝ බැච් එකටම අන්නන්නද යන්නෙ….මෙන්න මෙහෙ වරෙන්…..” කියල මාව ඇදගෙන ගියා crop එකේ toilet එකට. මතකනෙ අර කැමරා එක තිබ්බ ටොයිලට් එක. අර උපුලී ටෙලි ඩ්රාම එකක act කරන්නත් ඉස්සෙල්ල, කැමරාවක් ඉදිරියේ කුළුදුල්, ප්රථම රංගනය ඉදිරිපත් කරපු (ඇට කොලියගෙ censorship එකට අහුවෙලා තිරගත නොවෙච්ච) ටොයිලට් එක. අන්න ඕකට මාව ඇදන් ගිහින් ටීෂර්ට් එක යට කරල, කොන්ඩෙ මැද්දෙන් දෙකට බෙදල ‘දොන් සේතන්’ style එකට පීරල, මගෙ අතේ තිබ්බ තඹ වලල්ලත් ගලෝල එහෙම තමයි ඩීන් ගාවට යැව්වෙ. එලුවත් ඒකාලෙ ඔයිට දෙවනි නැහැ.
කොටුවෙ පිට්ටු බම්බුව හදන්න ඉස්සෙල්ල ලංකාවෙ උසම බිල්ඩිම එලුවගේ නිවස බව පට්ටිය හංදියෙන් එහා මෙහා ගිය බැච් එකේ හැමෝම දැකල තියෙනව මං හිතන්නෙ. ඒකෙ penthouse එකට නැග්ගම මුලු කොළඹම පේනව එලට. මුලු බැච් එකෙන්ම හොඳම view එක තියෙන ගේ උගේ කියල එලුව කියන එකේ ඇත්ත තේරුනේ හැබැයි උගේ කාමරේ study table එක ලඟ ජනෙලෙන් පහල බැලුවාමයි. ඒක කෙලින්ම focus වෙලා තියෙන්නේ පෑලියගොඩ කාන්තා පොදු නාන ලිඳට. කාමරේ කැලෑව වගේ උනාට පාඩම් මේසේ ලස්සනට පිලිවෙලට තියෙනව මල් වාස් එකක් , tisue පෙට්ටියක් වරදින්නෙ නැහැ. එලුවලාගෙ Grocery එකේ stock balance එක out යන එකම Item එක tisue පෙට්ටි කියල එලුවගේ අම්මා නිතරම මැසිවිලි නගනව මට ඇහිල තියෙනව ඒත් aunti එලුවා ගැන නම් හිටියෙ සෑහෙන භක්තියෙන්….ලොකු පුතා ෂුවර් එකටම first class එකක් ගහනව…ගෙදර ආවත් study table එක ලඟින් හෙලවෙන්නේ නෑ කියල තමයි හැම තිස්සෙම කිව්වේ.
First class කෙසේ වෙතත් තව පොඩ්ඩෙන් ඩිග්රියත් නැතිවෙනව final project එක ඇනගෙන. කට්ටියට මතකන ඕකගෙ project proposal presentation එක. Introduction කියල දැම්මම එන්නෙ conclusion slide එක, methodology explain කරද්දි එන්නේ objectives slide එක….මුලු හෝල් එකම හිනා වෙනව බඩවල් අල්ලගෙන, මූ නිකන් ගලේ පහරපු බළලා වගෙ තුශ්නිම්භූත වෙලා ඉන්නව..කොඩිතුවක්කු සර් දිහායි, slide එක දිහයි මාරුවෙන් මාරුවට බල බල…..කොඩ්ඩ උගෙ අර කැත …හැක්..හැක් හිනාවදානව…හෝල් එක දෙදරන්න…ජීවිකා මැඩම් පුටුවෙනුත් වැටුන හිනාව වැඩි වෙලා. presentation එකක් නෙවෙයි නිකන් විනෝද සමය වගේ…………..econ computer lab එකේදි ඔය slides shuffle කරපු සීන් එකට අජ්ජගෙයි තට්ටයගෙයි කිසීම සම්බන්ඳයක් නැති බව මට ‘ක්රිශාන්තා’ පල්ල දිවුරන්න පුලුවන්…..
ඉතිං ඔන්න ඔහොම final project එකට auspicious start එකක් ගත්ත අපේ බුද්ධික servay එක කරන්න යන්න සහායට ඩැනීල විදිහට මටයි, මංජුටයි එන්න පුලුවන්ද කියල ඇහුවා. බුවා දැනටමත් නාගෙන ඉන්න එකේ ගොඩ දා ගන්න සපොර්ට් එකක් දෙන්න ඔනෙ කියන පරම පවිත්ර සද් චේතනාවෙන් අපි දෙන්න වැඩේට සෙට් උනා (එහෙම නැතුව අපිට Old බෝතලේ ගානෙ දෙන්න පොරොන්ඳු වෙච්ච හින්ඳ කියල කට කැඩිච්ච කථා කියල අහුවෙනව නෙමෙයි එකෙක්වත්…..අඬු කඩනව). කොහොම හරි ඉතිං අපි තුන්දෙනා දවසක මංජුගේ ‘බඩු බස්නා යානයේ’ නැගල ගියා නත්තරම්පොත එලුවගෙ project එකේ field servay එකට. හස්ත කර්මාණ්ත කරුවන්ගේ (කොඩ්ඩත් මූට නියමෙට ගැලපෙන topic එක දීල තියෙන්නෙ) micro finance ගැන මොකක්ද සීන් එකක් තමයි project එක. හැබැයි මේ කියන හස්ත කර්මාණ්ත කරුවන්ගේ tissue එක්ක සම්බන්ඳයක් නෑ, පිත්තල, ලෝකඩ, රිදී රන් වගේ ඒවා තමයි ඒගොල්ලො පාවිච්චි කරන්නෙ.
කොහොමහරි අපි ගමට enter උනා කියමුකො….එලුවා file එකක් දිග ඇරගෙන පාරෙ යන එකෙක්ගෙන් අහනවා… “මේ..මේ..ටිකිරි ගුරුන්නන්සෙගෙ ගේ කොයි හරියෙද තියෙන්නේ”
“මහත්තයො තව හැතැම්මක් විතර යන්න ඕනේ….කාව හම්බ වෙන්නද එහේ යන්නෙ…”
“ගුරුන්නන්සෙ හම්බවෙන්න තමයි…” “ හපොයි එයා මලානේ දැන් මාස 6 කට විතර ඉස්සෙල්ල…..”
කාපු ගමන් පුදපි යකා කිව්වලු…..
“එහෙනං මේ…සේදිරිස් මහත්තයා ඉන්නෙ කොහෙද…” “ආ සේදිරිස් ආතගේ ගෙදර අර එහා වංගුවෙ දකුනු අත පැත්තෙ.”
යන්තං ඇති ඌ ඉන්නව කියල කට්ටිය අතින් කොන්ඩෙ එහෙම පීරගෙන පිලිවෙලකට එලුවව පෙරටුකොටගෙන ගියා සේදිරිස් ගොය්යගෙ ගෙදර. අවුරුදු 60ක විතර ඇන්ටි කෙනෙක් දැම්ම ඔලුව එලියට. එලුවත් බොහොම ගරසරුව ඇහුව.. “අක්කේ සෙදිරිස් මහත්තය ඉන්නවද කියල.”…
“ඔව් ඔව් තත්තා ඉන්නව ..මේ මහත්තුරු සමාජ සේවෙන්ද..” “නෑ අපි මේ කැම්පස් එකේ…… හස්තකර්මාන්ත ගැන සේදිරිස් මහත්තය එක්ක පොඩ්ඩක් කතා කරන්න කියල…” “තාත්තට කථා කරන්න බැහැනෙ මහත්තයො….ඔත්පල වෙලා ඇඳට වැටිලම දැන් අවුරුදු 10 විතර වෙනවනෙ..”
කාල වරෙන්කො කිව්වලු…….ගොලු බාසවෙන්වත් පොඩ්ඩක් කථාකරන්න බැරිවෙයිද කියල අහන්නත් හදල කොසු පාරක් කන්ඩ වෙයිද කියල බයට නිකං හිටිය. අනික project එක එලුවගෙනෙ මං මොකටද පැනල දීලා අහක යන කොසුපාරවල් කන්නෙ නැද්ද. මුගෙ ලිස්ට් එකේ අනිත් එවුනුත් ඔයවගේම තමයි…සමහරු මැරිල වලලපු තැන්වල ගසුත් පැලවෙලා, නැත්තම් හස්ත කර්මාන්ත තියා කෙලින් කර හිට ගන්නවත් බෑ…එකෙක් මහණ වෙලා……. බොරුවට එහෙට මෙහෙට ඇවිදල මංජුටයි මටයි ඇතිවෙලා… ඒ අස්සේ චුල්ලෙ, බුල්ල, ලාව ඇතුලු කට්ටිය orchid එකේ සෙට් වෙලා බලාගෙන ඉන්නව අපි Old බෝතල් 2ක අරන් එනකන්. මංජුගේ ෆෝන් එකට sms එවනව තප්පර තිහෙන් තිහට. අපේ රතු ඉර පනින්න ඔන්න මෙන්න තියල යන්තං ලිස්ට් එකේ එකෙක් සෙට් උනා තාම පිත්තල බඩු හදල විකුණන.
අපිත් පස්වනක් ප්රීතියෙන් පිනා ගිහිල්ලා පිත්තල ලොක්කවත් වට කරගෙන ඉස්තොප්පුවෙ පුටුවලට බර උනා. පොරගෙ මිනිපිරීද කොහෙද ඇහැට කනට පේන නංගියෙක් ඇවිල්ල ඉඟි බිඟි පාල රවුමක් කැරකිලා ගියා ඇතුලට…පිත්තල ලොක්කත් “කෙල්ලේ මේ මහත්තුරුන්ට තේ හදාගෙන වරෙන් කියල” ..දුන්නා පොඩි සප් එකක්.. ගතෙ සිතේ මහන්සිය කොහෙන් ගියාද කියල නැහැ….මංජුවා කණ්නාඩිය යටින් රබර් ඇහැ දානව ගේ ඇතුලට… කට්ටිය දන්නවනෙ අහිංසක මං නම් ඉතින් ගෑනු ලමයෙක් දිහා ඇහැක් ඇරල බලන්නෙ නැහැ කියල…
එලුවත් රැල් බුරුල් ඇරල එහෙම questionnaire එක අතට අරන් පිත්තල ලොක්කගෙන් ප්රශ්න අහන්න සෙට් උනා. full professional ලෙවෙල් එකෙන් දැම්ම පළමු ප්රශ්නය, …
“මහත්මයා කුඩා කර්මාන්ත ණයක් අරගෙන තියෙනවද?”
“අපෝ නැහැ මහත්තයො මම ජීවෙතේට ණයවෙලා නැහැ..අපි මේ කාටවත් අතනොපා ජීව්ත් වෙන මිනිස්සුනෙ මහත්තයො” ….බුවා බොහොම ආඩම්බරෙන් කිව්ව.
(විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්)
ලොක්ක එලුවා දිහාට කණ දික්කරන් බලන් ඉන්නව ඊලඟ ප්රශ්නෙ අහනකන්…මංජු බලන් ඉන්නව කෙල්ල තේ හදන් එනකන්….ඒත් එලුව ඇටිකෙහෙල් ගිලපු උගුඩුවා වගේ තක්බීර්වෙලා බලන් ඉන්නව.. “ඊලඟ ප්රශ්නෙ අහපං” …මම කනට කරල කිව්ව….මංජු අනිත් පැත්තෙන් අනිනව.. “අහපං බං ඊලඟ එක” …
“ඊලඟ එකක් නැහැනෙ බං” ….මූ කොඳුරනව….. හරියට බීල ගිහින් පොලීසියට අහුවෙච්ච එකෙක්ගෙ වගෙ මූන..…. “යකෝ ඔය පිටු තුනක questionnaire එකක් තියෙන්නෙ අහපිය ප්රශ්නයක්….” මංජු දත්මිටි කනව.
“ණයක් අරන් තියෙනවනම් විතරයි ඊලඟ ප්රශ්න අහන්න පුලුවන්..” ………………..මදැයි කොලා…බොහොම අමාඅරුවෙන් පණ තියෙන එකෙක් අල්ල ගත්තා… ඒ පාර කියනව අහන්න ප්රශ්න නෑලු….මොනා කරන්නද පිත්තල ලොක්කට තෑන්ක් යූ, බායි කියල ආව එන්න…. මංජුවාට මල් පොකුරු පොකුරු…..ඌ කෑගහනව එලුවට………
“නොදකින් ගල් ඉබ්බා කෙල්ල තේ හදන් එනකන් මූට ප්රශ්න ටිකක් අහන්න බැරි උනානෙ…ඒකි ඔච්චර වෙලා ගත්තෙ මගේ තේ එකට ඉනාවක් දාන්නද කොහෙද…අපරාදෙ” ………… “කොහෙන්ද තෝ ඔය කෙහෙම්මල් ලිස්ට් එක හොයා ගත්තෙ.. මෙහෙ දීපන් බලන්න”
“ගන්නෝරුවෙ කුඩා කර්මාන්ත දෙපාර්තුමේන්තුවෙ library එකේ තිබ්බ හිටපු අගමැතිණී සම්මාණ දීපු පොරවල් ලිස්ට් එකක..paper cutting එකක් මම ඉස්සුව….මේ තියෙන්නෙ ලිස්ට් එක..” ………..බුවා ආඩම්බරෙන් ඇදල ගත්තා දිය වෙච්ච පත්තර කෑල්ලක්…..… මරේ මරු.. ඔය තියෙන්නේ ෂෝක් එකට……හැත්තෑ ගනන් වල දවස පත්තර කෑල්ලක්…. මේ ගෙම්බා හිතන් ඉඳල තියෙන්නෙ සිරිමාවො අගමැති උනේ චන්ද්රිකාගෙ ආණ්ඩුවෙ විතරයි කියල……………
dhawasanew

This entry was posted in Uncategorized. Bookmark the permalink.

1 Response to එළුවා නත්තරංපොත ගියා වාගේ

  1. Ranga says:

    Aiyo salli. Habai, meka ara KC ge blood testing project ekata wada godak hondai

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s